ළමා කථා
වැඩි සද්දෙත් හොඳ නෑ
මොන ඩාන්ස් කළත්, ළඟපාත ගෙවල්වල අයට කරදරයක් වෙන තරමට ටී.වී. එක හරි, රේඩියෝ එක හරි, කැසට් එක හරි, වෙන දෙයක් හරි, දාන්න එපා
අවදානමට පෙර සූදානම
ඕවා අස්සේ පත්තෑයෝ, ගෝණුස්සෝ, සර්පයෝ, රිංගල ඉන්න පුලුවන්. සමහරවිට හූනෙක් කැරපොත්තෙක් ඉන්නත් පුලුවන්
මහාසෝණ යෝධයාගේ කතාව
අවුරුදු හතර පහ වෙනකොට පොඩි පොඩි ගස් ගල් පවා පෙරලන්න ගලවන්න පුලුවන් ශක්තියක් එයාට ඇති උනා. අවුරුදු පහළොව දාසය වෙනකොට පොල් පුවක් ගස් හොලවලා ගෙඩි කඩන එක එයා විනෝදයට කළා
කලු අප්පු පැට්‍රෝල් ලාම්පුව එල්ලපු හැටි.
කලු අප්පු ටිකක් මෝඩ පහේ තමයි. ඒත් හිත හොඳ මනුස්සයා. ඕනම කෙනෙක්ගේ මඟුලට-තුලාවට කයියට- අත්තමට එයා ගමේ කවුරුත් එක්ක හොඳින් ඉන්නවා.
වේළුසුමන යෝධයා.
බිසවට දොළ දුක් දෙකක් ඇති වෙලා තිබුණා. එකක් තමයි රියන් සීයක් දිග මීවදයකින් දොලොස් දහසක් මහා සංඝයාට දානය දි තමනුත් ඉන් කොටසක් කෑම.
ලභිය වසභ.
ඔහු ලස්සනයි. දුටුවන්ගේ නෙත් සිත් පිනවනවා. ඒ පියකරු ස්වභාවය ඔහුට පෙර පින් බලයෙන්ම ලැබුන එකක්.
ඵුස්ස දේව යෝධයා.
. ඵුස්ස යෝධයා උපන්නේ පුස නැකතින්. එම නිසා ඔහුට නැකතට අදාළ අකුරුවලින් නොව, පුස හෙවත් ඵුස්ස කියන නැකත් නාමයම පුදුගල නාමය විදිහටත් තැබුවා
ථෙර පුත්තාභය යෝධයා
පොඩි හාමුදුරුවෝ ගෝඨයිම්බරගේ කකුල එක අතකින් අල්ලාගෙන රවුම් කීපයක් කරකවලා පන්සල් වත්තේ එහාට මෙහාට ඇදගෙන ගියා.
භරණ යෝධයා.
තමනුත් පවුලත් පෝෂණය කිරීමට නිධානයක් සහිතව උපන් නිසා ඒ කුමාරයාට ‘භරණ’ කියල නම තිබ්බා
අන්දරේගේ හරක් පට්ටිය.
ඉතිං අන්දරේ මේ බලපත්‍රයත් අරන්, හරක් පට්ටි තියෙන ගෙවල් වලට ගිහින් සැමියා බිරිදට බය බව ඔප්පු කරමින් හරක් බාන බැගින් ලබා ගත්තා.
අන්දරේගෙ ගෑනු හුටපටේ
තමන්ගේ දියණිය හොරෙන් පැන ගිය එක සම්බන්ධයෙන් කෝපයෙන් සිටි දෙමාපියන් හා සහෝදරයන් ඇය පැන ගියේ මොහු සමගයැයි සිතා අන්දරේ මිදුලට ගොඩවෙන විටම අල්ලාගෙන අතින් පයින් හා මුගුරුවලින් මදි කොකියන්ට පහර දුන්හ.
අන්දරේ නූලෙන් බේරුණු හැටි
අන්දරේ හිතාගෙන හිටියෙ තමන් හරි දක්ෂයෙක් කියල. රජ්ජුරුවන්ට ඕන වෙලා තිබුණ අන්දරේට පාඩමක් උගන්නන්ටත්.
අන්දරේ රජ හොරෙක් අල්ලයි.
හොරා ඒවා කිහිල්ලේ ගහ ගන්නකොටම අන්දරේ පැනපු ගමන්ම හොරා අල්ල ගත්තා. දෙක තුනක් ඇනල බිමට දැම්මා. දෑත් අස්සෙන් අත දාල බිම දාල දනිස්සෙනුත් තදකර ගත්තා
අන්දරේ ගොරකමුලක් යැවූ හැටි.
අන්දරේ වලව්වට ගියවෙලාවේ වලව්වේ මැණිකේ ‘තමන්ට ගොරක මුලක් ගෙනවිත් දිය හැකිදැ’යි අන්දරේගෙන් ඇහුවා.
විටක් කරපු හදිය
ඇයගේ ගවුම බතික් කළාක් මෙන් රතුපාටය. බස් එකේ ගිය කෙනෙක් ගැසූ බුලත් කෙළ පාරක් සම්පූර්ණයෙන්ම ඇය නහවා ඇත
කලු අප්පු ගිරේ අල්ලන්ට මදු ගැසූ හැටි.
කලු අප්පු පුවක් ගෙඩිය කපල ගිරේ මල්ල උඩින් තියල තලාකොල ටිකක් ගන්න මල්ලට අත දැම්මා. මල්ල උඩ තිබුණු ගිරේ ලිස්සල ගියා. හැබැයි ඉතිං වෙලාව කියන්නේ ඒක වැටුනේ හුඹහ ඇතුළට.
අන්දරේ කුකුලෙක් වෙච්චි හැටි.
“මොකක්ද අප්පේ ගැහැණු ළමයි එක්ක මට වතුරේ කරන්න පුලුවන් සෙල්ලම?” අන්දරේ හිනාවෙලා ඇහුවා.
කලු අප්පු කෙසෙල් කැන් කැපූ හැටි.
අතපසු වීම් කාටත් සිදුවෙනවා. මේත් කලු අප්පු අතින් සිද්වෙච්චි අත් වැරද්දක්. සමහරු හිතනවා ඒක මෝඩකමක් කියල. අනේමන්ද. ඔය ගොල්ල හිතන දෙයක් හිතන්න.
සුරනිමල යෝධයා
මේ කාලේ කඩවිටි කියන ගමේ සංඝ කියල ගම් නායකයෙක් හිටියා. එයාට පිරිමි දරුවොම හත් දෙනෙක් හිටියා. බාලයා නිර්මල කියන කෙනා. අයියලා වත්තේ පිටියේ වැඩ කළත්, මෙයා ඒවාට වැඩි මනාපයක් තිබුනේ නැහැ
නන්දිමිත්‍ර යෝධයා
පුංචි ළමයින්ගේ සිරිතනේ, අම්මලා තාත්තලාගේ ඇගේම එල්ලිලා ඉන්න එක. නන්දිමිත්‍රත් එහෙම තමයි. අම්මගේ තාත්තගේ ඇගේ එල්ලිච්චි ගමන්මයි
ශ්‍රමදානෙ
“අක්කේ අද අපි මොකද කරන්නේ?” සෙනසුරාදා උදේ කුමාර අක්කගෙන් ඇහුවා. “අපි ශ්‍රමදානයක් කරමු.”
අම්මගේ පාඩම්
“තමන්ගෙ වැඩ තමන්ම කරගන්න, පුංචි කාලෙ ඉදලම පුරුදු වෙන්න ඕන චූටි පුතේ. අම්මලා තරහට නෙවෙයිනේ කියන්නේ.”
අදට ඔබින කතා හයක්.
“ඇත්ත මල්ලී. මම හිතාගෙන හිටියේ දරුමල්ලෝ, සල්ලි, ඉඩකඩම් වතු පිටි තිබුණම මමත් ලොක්කෙක් කියල. ඒත් තමන්ට තමන්වත් නැති බව තේරුනේ ඊයේ රාත්‍රියේ. ඔයාට බොහොම ස්තුතියි මල්ලී.”
තැනට සුදුසු නුවණ
ඇයි අනේ දන්නෙ නැද්ද.. අර හාවෙක් කැලේ මැදින් යනකොට ළිඳක් ඇතුලේ සිංහයෙක් ඉන්නවා කියල සිංහයා ළිඳට දැම්මේ
ගමට ඉස්සෙල්ලම බස් එකක් ඇවිත්.
“මේ මිනිස්සුන්ගේ රස්සාව උඹල බේරල දෙන්න ඕන. හෙට එළිවෙන්ට ඉස්සරවෙලා මේ කොටස තිබුණ විදිහටම හදල දීපල්ලා.” හාමුදුරුවෝ දායකයන්ට කීවා.
කලුඅප්පුගෙ බයිසිකල් පැදිල්ල
දැන් බයිසිකලේ යනවා. බයිසිකල් රෝදවල සර සර සද්දේ මිසක් බයිසිකලේ යනවා පේන්නේ නැහැ. කරුවල අහසේ තරු එළිය විතරයි තියෙන්නේ.
කෙටිම කතා පහක්.
මාලු අම්මගෙ කීම අහන්නේ නැතුව පැටියා නියර අයිනට ගියා. අර කොකා එක පාරටම මාලුවා අල්ල ගන්න පැන්නා. බොහොම අමාරුවෙන් මාලු පැටියා බේරිල අම්මා ළගට ගියා
කලු අප්පු කරත්තෙට තෙල් ගහපු හැටි.
යන එන වාහන ඔක්කොම වගේ ෂෙඩ් එකට දාල තෙල් ගහනවා. දැන් වයිරා බැන්දත් මේකත් වාහනයක් නේ. නැත්තං ඉතිං ලයිසොං කරයිය. වයිරටත් තෙල් ටිකක් ගහගත්තොත් අපූරුවට වේගෙන් දුවයි කියල, කලු අප්පුට හිතුණා.
ඉල්ලං කෑම
සත්තු එහෙම තමයි දේවයන් වහන්ස. නිදහසේ ඉන්නවා. කවුරුත් කරදරයක් කරන්නේ නැත්තම් උන්ගෙනුත් කරදරයක් නැහැ.
සමනලයා මල හා ළමයා
තව එක්කෙනෙක් බඩගින්නේ තියල තමන්ට පූජා කරනවාට බුදුහාමුදුරුවෝ උනත් කැමැති නොවේවි.
කුරුම්බැට්ටි මැෂිමේ..
අපිට ඒ කාලෙ සල්ලි තිබුනේ නැහැ, රට සෙල්ලම් බඩු ගන්ට. අපි ඉතිං ඔය වගේ සෙල්ලම් බඩු හදා ගෙන සන්තෝස උනා. එක මැෂිමක් දවසක් විතර තියාගත්තා
අන්දරේට මීගමු පොල් පෙන්නීම
“අනේ පොල් ගහක මොනව බලන්නද දේවයන් වහන්ස.? මේ හැම දෙනාම එම දසුන මනාව දැක්කනේ.”
එස්. මහින්ද හිමි.
උන් වහන්සේ අපේ මිනිසුන්ගේ සිත් දේශානුරාගයෙන් හා ජාතිවාත්සල්‍යයෙන් ඉස්මතු වන ආකාරයෙන් කවි ලීවා.
අන්දරේ රජ්ජුරුවන්ට බූරුවා කියපු හැටි
එක බූරුවෙක්ගෙනම් බැරිය දේවයන් වහන්ස. බූරුවෝ දෙන්නෙක්ගෙ බරනේ
අන්දරේට කස පහර.
බලය අයුතු ලෙස භාවිතා කිරීම, අනවසරයෙන් උත්සව භූමියට පැමිණීම, මුසා බස් තෙපලීම, වැනි වැරදි රාශියක් තොප විසින් කර තිබේ. ඒවා බරපතල වැරදිය. මම තොපට කස පහර පනහක් දඩුවම වශයෙන් නියම කරමි.
අන්දරේ හරක් හොරෙක් ...?”
හැම ඇමතිවරයෙක්ම, මන්ත්‍රීවරයෙක්ම, නිළධාරියෙක්ම, මේ විදිහට කරුණු කාරණා ගැන නිවැරැදිව උපකල්පනය කරනවා නම්, ඒ රට සුඛිත මුදිත කරන එක අසීරු කාරණයක් නෙවෙයි.
කුඤ්ඤය ගැලවූ වඳුරා.
පේනවා නේද තමන්ට අයිති නැති වැඩ කරන්න ගියහම සිද්ධවෙන දේවල්.? ඔයාලත් ඒවගෙන් පාඩමක් ඉගෙන ගෙන තමන්ට අයිති නැති වැඩ නොකර ඉන්ට පුරුදු වෙන්න ඕන
හා පැංචට අමාරුවක්.
ළමයි ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න ඕන. ළමයගේ බඩේ නියපොතු කෑලි පිරිල තිබුණ. තව පැය කීපයක් පරක්කු උනානම්
කූඹිච්චි
දුවටත් පුලුවන් පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, වෙන්න. එතකොට දුවටත් තෑගි හම්බවෙයි. ළමයි අත්පුඩි ගහයි.
පන්සිල් සුරකිමු
හැම දෙනාම පන්සිල් දැන ගන්න ඕන. ඒවයේ තේරුම දැන ගන්න ඕන. ඒව කැඩෙන හැටිත්, ඒව කැඩුවොත් ලැබෙන විපාකත් දැන ගන්න ඕන.
අන්දරේ
අන්දරේගේ දැණුම පිළිබඳව කිසිසේත් අඩු තක්සේරුවක් නොකළ යුතුය. ඔහු නීතිය පිළිබඳවත්, සමාජ ධර්මයන් පිළිබඳවත්, ආගම දහම පිළිබඳවත්, දැණුමින් යුතු අයෙක් බව පෙනීයයි.
සද්ද විද්ද පළඟ පතිර අන්දරේ
අන්දරේ තීරණය කළා ගෙම්බා ඉන්න තැන. අතෑරියා දුන්නෙන් ඊතලය. ‘ජ්ලග්’ කියන සද්දෙන් ඊතලය වතුරට වැදෙන සද්දෙ ඇහුනා. ගෙම්බගෙ සද්දෙ නැවතුනා.
අන්දරේ කාන්තාවන්ට කී කවි.-
අන්දරෙත් කවියෙක්නේ. එයත් කාන්තාවන් ගැන නොයෙක් කවි කියල තියෙනවා. එහෙම කවි කීවට ඒවා කවියට පමණයි සීමා උනේ. අන්දරේගේ සිතේ අසංවර සිතුවිලි පහළ උනේ නැහැ.
අන්දරේගේ සංවාද කවි.
අන්දරේ රාජසභාවේ සිටි දක්ෂ කවියෙක්නේ. හිටිවන කවි කියන්ටත් හපනා. විහිළු කතා කියන්නත් හපනා. උපහාස කවි කියන්ටත් එහෙමයි. සමහර කවිවල යටින් වෙන අදහසකුත් තියෙනවා. ශෘංගාරයක්. ව්‍යංගාර්ථයක්.
කලු අප්පු ගොනාට උදව් කරපු හැටි.
එයා කල්පනා කළා මම කොහොමද ගොනාට උදව් කරන්නේ කියලා. එයා කන්දේ යන ගමන් ටිකක් කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා. කරත්තේ නැවැත්තුවා.
අන්දරේගෙ දෙවෙනි විවාහය
ඔහුගේ කවියෙන් ඇය කුල්මත් වූවාය. ලජ්ජාවෙන් ඇඹරුනාය. ඇය ගැන මෙවැනි වර්ණනාවක් මින් පෙර කිසිවෙකු කර තිබුනේ නැත. දෑස යටින් ඔහු දෙස ආදරයෙන් බැලුවාය
අන්දරේ කරපු අල කලංචියක්.
ඔබ වහන්සේලාගේ පයේ මාපටගිල්ල රත්තරන් කූරකින් පුච්චල මගේ සිත් වේදනාව අඩු කර ගන්ටත්, මගේ අප්පච්චි සුගතිගාමී කරන්ටත්, මට අවසර දුන මැනවි
අලියට උඩින් ගිය උරුළෑවා.
මෙහි උරුළෑ ගඳක් වහනය වෙන්නේ නැහැ. අනෙක් කාරණය දේවයන් වහන්ස, අලියෙකුට වඩා උස උරුළෑවෝ ඉන්න රටක් තිබෙනවාද. මේ හැමදෙනාම කියන්නේ මුසාවාද විය හැකියි.
අන්දරේගෙ බිරිඳගේ මරණය
වෙද මහත්තයා වැදුම් ගෙයින් එළියට ආවේ සුන් වූ බලාපොරොත්තුවෙන් හා නවාගත් හිසින් යුතුව.. එයා වචනයක් වත් කතා කළේ නැහැ. අන්දරේ ළඟට ගියා. උරිස්සට අත තිබ්බා
අන්දරේගේ තර්‍ක බුද්ධිය
දේවයන් වහන්ස, ඔබ වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි පැවසුවා. හැකිනම් මගේ ඇගෙහි ගල්වා දියවුණු කොකුම් ටික නැවත ලබාදෙනු මැනවි
දාංගලේ.
ඔව් ඉතිං ඒ උනාට අර කතාවක් තියෙනවානේ ‘අලියන්ට කොල්ලන්ට නලියන්ටමයි හිත’ කියල” මම හිනාවෙලා කීවා.
“හොඳ දරුවෝ.”
“අංකලුත් හොඳ වැඩිහිටියෙක්. අපි අතින් නොදැන කෙරිච්චි වැරැද්ද ගැන කරුණු කාරණා පහදල දුන්නේ ඒකයි. අංකල්ට ගොඩක් ස්තුතියි.”
කපුටු සාස්තරේ.
“දැන් ඉතිං කපුටු සාස්තරේ හරිගියත්, වැරදුනත්, ගෙදර සුද්ධ පවිත්‍ර උනානේ” තාත්තා හිනාවෙලා කීවා.
එකඟතාව
“මම මේ කියන්නේ ඔක්කොටෝම. අම්මා උදේ ඉදලම ගෙදර වැඩ. ඔය ගොල්ලෝ තම තමන්ගේ වැඩ විතරක් නෙවෙයි, අනෙක් වැඩවලටත් උදව් කරන්න පුරුදු වෙන්න ඕන.”
‘මව් ගුණ නැත නිම්මා.
පැටවුන්ට අම්මගෙ සුවඳ දැනුනා. ඔවුන්ගේ කෙඳිරිය වැඩි උනා. ඔවුන් අම්ම දිහාට දුවගෙන ආවා. අම්මා ඔවුන් දිහාට දුවගෙන ගියා. කිරි බින්දු බින්දු තණපුඩුවලින් වැටෙන්ට ගත්තා.
බූරු කතාවක්.
යම් කිසි තොරතුරක් පිළිගන්නා විට, ඒ ගෙන එන පුද්ගලයා පිළිබඳවත් තේරුම් ගතයුතුයි. ඔහු තමන්ට කෙතරම් හිතවත් වුවත් ඔහුගේ බුද්ධිමත් භාවය පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි
රයිගමයයි - ගම්පලයයි.
හරි ෂෝක්. අපි දෙන්නම ගැලපෙනවා. ඔබ බුලත්. මම පුවක්. අපි එකටම ඉමු.” කියල දෙන්නා අම්බලමේ එක ළඟම ඉඩ අල්ලගෙන විවේකයෙන් හිටියා.
ලොකු අත්තගෙ උප දේසේ.
ගෙදර කෑමට එළවලු ටිකක් හැදුවා. මේවට පස් ටිකක් කිට්ටු කරන්න ඕන. එතකොට තමයි හොඳට හැදෙන්නේ
කුහුඹුවෝ අලියා පරදවපු හැටි.
කුඤ්චට තේරුනා තමන් ඇඟපතින් ලොකු උනාට, අනෙක් අය එකමුතු උනොත් තමන්ට බේරෙන්න බැරි බව.
මොළේ පෑදීම.
අනේ මට සමාවෙන්න. ඔයගොල්ලෝ කෑගහල කිව්වේ නැත්තං කටුසු හාමි මාව අල්ල ගන්නවා. ඔයාලට බොහොම ස්තුතියි මාව බේර ගත්තට.
. “ඕං ඩෝලෙ ඒස්වා හඃ”
ඕන වෙලාවක “ඕං ඩෝලෙ ඒස්වාහඃ” කියල මතුරල මගේ ඔලුවට පිඹින්න එතකොට මං නැගිටල ඔයත් එක්ක සෙල්ලම් කරන්න එනවා.”
“හඳමාමා”ගෙ නෑදෑකම.
“අපේ අම්මත් “හඳ මාමා”ට කියන්නේ “හඳමාමා” කියල. තාත්තත් එහෙමයි. නංගිත් කියන්නේ “හඳමාමා” කියල. අපේ අත්තම්මා කියන්නේත් “හඳ මාමා” කියල.
ඉත්තෑවගෙ ගෙට කබැල්ලෑවා රිංගලා..
එක කැලෑවක ඉත්තෑවෙක් බොහොම අමාරුවෙන් ගුහාවක් හාරාගෙන, දරුවොත් එක්ක ඒකේ ජීවත් උනා.
පුල්ලෙයාර් මුත්තගෙ කරුණාව.
අනික් හැමෝම එන්නේ තමන්ගේ වැඩක් කරගන්න. ඔබ ඉල්ලන්නේ අනික් අය වෙනුවෙන් උදව්වක්.
ආරේ පුරුදු.
මී පැංචෝ මට ඔයා ගැන හරි ආඩම්බරයි. ඔයා හින්ද තමයි අද මගේ ජීවිතේ බේරුනේ. ඔයාට ගොඩක් ස්තුතියි.
කොලු චූටියි බලු චූටියි
ඒත් එයා චූටි නිසා නම තිබ්බේ චූටි කියල. හැබැයි ගෙදර අය ගෙදර පොඩි පුතාට කීවෙත් ‘චූටි’ කියල.
- කිරි පිටි හොරු-
නංගී ඉස්සරහ දොර ළඟට ගියාය. මම පුටුව තබා කුස්සියේ මේසයට නැඟ රාක්කයේ තබා තිබුණු පිටි ටින් එක ගත්තෙමි