“අම්මේ... අම්මේ...” චූටි මල්ලි ගහ උඩ ඉඳල කෑ ගැහුවා. අම්මයි මමයි දෙන්නම එතෙන්ට දුවගෙන ගියා. “මොකද ඔය ගහ උඩට වෙලා කරන්නේ? බහින්න බිමට. කොහොමද ගහට නැංගේ?” අම්මා සැරෙන් ඇහුවා. “අනේ අම්මේ මම හෙමීට හෙමීට ගහට නැංගා. දැන් බැහැ ගන්න බැහැ. බිම බලනකොට බය හිතෙනවා. අනේ අම්මේ මාව බිමට ගන්ට මට බයයි.” “ගහට නගින්ට ඉස්සරවෙලයි බහින්ට පුලුවන්ද කියල හිතන්ට තිබුනේ. වැඩක් කරන්න කලින් දෙපැත්තවත් බලන්න ඕන කියන්නේ ඔන්න ඕකයි. ඔන්න ඔහොමම ටිකක් බය නැතුව ඉන්න මම ඉනිමඟක් හොයාගෙන එන්නම්.” අම්මා ගිහින් අල්ලපු ගෙදරින් ඉනිමඟ ඉල්ලගෙන ආවා.ගහට හේත්තු කළා. “ දැන් පරෙස්සමෙන් ඉනිමඟ දිගේ බහින්න.” මල්ලී හෙමීට ඉනිමඟ දිගේ බැස්සා. “අක්කේ මම ගහට නැගල බිම බලනකොට බය හිතුනා. ඔක්කොම කැරකෙනවා වගේ දැණුනා.” “පණ්ඩිතයා. ඕක තමයි පනින්ට පෙර සිතා බලනු කියන්නේ. “ඒක නම් ඇත්ත අක්කේ. ඒත් ඒක වෙනස් කරන්න ‘ඕන නගින්ට පෙර හිතා බලනු’ කියල.” මල්ලී හිනාවෙලා කීවා “අපෝ ආයෙ නම් මම ගස් නගින්නේ නැහැ.” මල්ලී එතැනින් ඉවත් වෙමින් කීවා.
1/1