හොඳ ළමයා. “අම්මේ මේ බලන්නකෝ මල්ලී... එළියට යන්නෙ නැතුව එයා කාමරේටම වෙලා ඉන්නවා මට ඇඳුමක්වත් මාරු කර ගන්න විදිහක් නැහැ.” රුවිනී කෑ ගැසුවාය. “ඉතිං මං හිටියට මොකද වෙන්නේ මං තමුසෙගෙ මල්ලිනේ.” කුමාර හුන් තැනම සිටිමින් කීවේය. “චූටි පුතා මෙහාට එන්න. පුංචි උනත් පිරිමි ළමයි ගෑනු ළමයින්ගේ කාමරවල රිංගගෙන ඉන්න හොඳ නැහැ.” “එහෙනං අම්මේ, එයා මට එයාගෙ කාමරේට කතා කරන්නේ?” “වැඩක් තියෙනකොට කතා කරනවා තමයි. එතකොට ගිහින් ඒ වැඩේ කරල දෙන්න ඕන. ඒත් එයා එළියට යන්න කීවොත් යන්න ඕන. ඒක තමයි හොඳ ළමයින්ගෙ සිරිත.” අම්මා සිනාසී කීවාය. “එහෙනම් අක්කේ මම එළියට යනවා. ඕන උනොත් කතා කරන්න. කුමාර එළියට යමින් කීවේය.” “ඔයා හොඳ ළමයෙක් මල්ලී.”

1/1

- ආනන්ද මාරසිංහ -