ඵුස්ස දේව යෝධයාගේ උපන් ගමත් රුහුණේ සිතුල්පව් විහාරයට ආසන්න ගොඩිගමුව නමැති ප්‍රදේශයක්. බොහෝ දෙනාගේ නම් තබන විට ඒ ඒ පුද්ගලයාටම ආවේණික වූ රටාවක් අනුගමනය කරනවා. සමහරවිට දෙමාපිය පරම්පරා නාමය මෙන්ම වෙනත් වෙනත් ඒ අයගේ ජීවිතයට සම්බන්ධ සුවිශේෂී සිදුවීම්ද ඒ සදහා පාදක කර ගන්නවා. ජ්‍යොතිෂයේදී දින, තිථි, නැකත්, යෝග, කරණ, ආදිය විශේෂත්වයෙහි ලා සලකනවා. ඒ ඒ නැකතට අදාළවු අක්ෂර අදත් නම් තැබීමේදී මුල් තන්හි ලා සලකනවා. ඵුස්ස යෝධයා උපන්නේ පුස නැකතින්. එම නිසා ඔහුට නැකතට අදාළ අකුරුවලින් නොව, පුස හෙවත් ඵුස්ස කියන නැකත් නාමයම පුදුගල නාමය විදිහටත් තැබුවා. ඒ අනුවයි ‘ඵුස්සදේව’ කියන නම තැබුනේ. ළමයි පුංචි කාලෙ ඉඳලම දඟකාරයිනේ. ඵුස්සදේවත් ඒ දඟකාරකම්වලින් මිදුනේ නැහැ. අනෙක් ළමයි එක්ක එකතුවෙලා නොයෙක් දඟ වැඩ කෙරුවා. එක දවසක් ගමේ පන්සලට ගිහින් එහි තේවා කටයුතු සදහා තිබුනු හක් ගෙඩිය අරන් හැකි තරම් වෙර යොදල පිඹින්න පටන් ගත්තා. අකුණු ගසන්නාක් මෙන් නැගුණු එම හඩින් මුලු ගමම කලබල උනා. එහි සද්දේ මොනතරම් තියුණුද කියනවානම් එයාගේ යාලුවන්ට කරකියාගත හැකි දෙයක් තේරුම් ගන්ට බැරි උනා. අහල පහළ ගස්වල හිටපු කුරුල්ලනුත්, භූමියේ සිටි බලු බළල් සතුනුත්, භයවෙලා ඈතට විසිරිලා ගියා. පන්සලේ නායක හාමුදුරුවෝ ඇවිත් තමයි ඒක පැත්තකින් අරන් තිබ්බේ. ඒ වගේම එවැනි දේ නැවත නොකරන ලෙසටත් අවවාද කළා. ඵුස්සදේව දඟකාරකම් කළත්, නැණවත් දරුවෙක් උනා. ඒ නිසා ඔහුට සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි දක්ෂයෙක් කරන්නට පියා කල්පනා කළා. ඒ අනුව කඩුහරඹ, දුනු හරඹ පමණක් නොවේ, ඇතුන් අසුන් පිට යාමත්. රථ ශිල්පය පිළිබඳවත්, උගන්වනු ලැබුවා. ඔහුගේ පියාත් දක්ෂ දුනුවායෙක්. ඒ අනුව ශබ්ද වේදි, වාලවේදි, විජ්ජුවේදී, ආදි දුණු ශිල්පයන්හීත් විශාරදයෙක් කළා. ශස්ත්‍ර විද්‍යාවෙහි ඔහු දැක්වූ ප්‍රවීණත්වය කාවන්තිස්ස රජතුමාටත් ආරංචි උනා. එතුමා තෑගි බෝග සමග දූත කණ්ඩාමක් ඵුස්සදේවගේ පියාණන් වෙත යවා, රාජ සේවයට දරුවා යොමු කරන ලෙස ඉල්ලා සිටියා. දරුවා උගත් ශිල්පයෙන් රටට වැඩක් ගතයුතු බව අවබෝධ කරගත් පිය තුමා රජුගේ ඉල්ලීම එක පයින්ම පිළිගත්තා. රජතුමා ඔහුට තම හමුදාවේ ඉහළ නිලයක් දී මාළිගා වීදියෙහිම නිවාසයක්ද ලබා දුන්නා. අනුරාධපුර ජයග්‍රහණය කිරීම සදහා කළ අවසන් සටනේදී තමන් උගත් ධනු ශිල්ප හා කඩු ශිල්පයෙන් ඔහු උපරිම පුයෝජන ලබා ගත්තා. ඒ පමණක් නොව සක් පිඹීමේ ඔහු තුළ පැවැති ප්‍රවීණත්වයෙන් ප්‍රයෝජන ගෙන සියලුම සතුරු හමුදාවන් භයෙන් ත්‍රස්ත කිරීමට සමත් වූවා. ඔහුගේ ශංක නාදයෙන් සතුරන්ගේ අවධානය බිඳී ගියා පමණක් නොව උන්හිටි තැන් පවා අමතකව කළබලවී ගියා. ඒ අවසරයෙන් දුටුගැමුණු රජතුමාගේ හමුදාව උපරිම ප්‍රයෝජන ඵල නෙලා ගත්තා. තවත් අපූරු දෙයක් ගැන කියන්නම ඕනෑ. එළාර රජු පරාජයට පත් උනත්, භල්ලුක නමැති ද්‍රවිඪ සෙනවියෙක් රජු හා සටනට පිවිසියා. ඔහු රජුගේ මුවටම ඊතලයක් විද්දා.ඒ ඊතලය සෘජුවම යොමු වෙලා තිබුනේ රජුගේ මුවට. බේරෙන්ට වෙන විදිහක් තිබුනේ නැහැ. රජතුමා වහා කඩුව මුව ආවරණය වන සේ තබා ඒ පහර වලකා ගත්තා. එහෙත් ඒ හී පහර වැදුණු බව පෙන්වීමට කටේ තිබුණු බුළත්විට කෙළත් සමග කාරා බිම දැමුවා. ඒ මොහොතේ තම හී පහර රජුගේ මුවට වැදුනේයැයි සිතා භල්ලුක මහ හයියෙන් සිනාසුනා. රජු සමග ඇතු පිටුපස වාඩිවී සිටි ඵුස්සදේව රජුගේ කුණ්ඩලාභරණය මදක් ඔසොවා භල්ලුකයාගේ මුවටම හී පහරක් විද ඔහු මරණයට පත් කළා
1/2
ඔවුනොවුන් අතර සටන් ඇති කර ගනිමින් මරා ගැනීම අනුමත කළහැකි දෙයක් නොවන මුත්, බලය තහවුරු කරගැනීම සඳහා පාලකයන් සටන් භාවිතා කරනවා. සමහරවිට සිය දහස් ගණන්, ලක්ෂ ගණන්, මිනිස්සු මරණයට පත්වෙනවා. දුටුගැමුණු එලාර සටනිනුත් විශාල ජීවිත හානි සිදු උනා. ඒ ගැන පසුව දුටුගැමුණු රජු පවා සන්තාපයට පත්වු බව සඳහන් වෙනවා. කෙසේ නමුත් ඵුස්සදේවයන් යුද්ධයේදී දැක්වු දක්ෂතා අගය කර රජතුමා ඔහුටත් තනතුරු හා ගම්වර ප්‍රදානය කළා. රත්නපුර ඇඹිළිපිටිය මාර්ගයේ පල්ලේ බැද්ද නගරයට ආසන්නව ඇති සංකපාල රජමහ විහාරයේ එද් ඵුස්සදේව යෝධයා දුටු ගැමුණු එළාර අවසන් සටනේදී පිඹින ලද ජය සංඛය තැන්පත් කර ඇති බවත් ජනප්‍රවාදයේ සදහන් වෙනවා. සංකපාල රජමහ විහාරයේ ලෙන් ගුහා 15 ක් පමණ ඇති අතර ඒවායෙහි කොටා ඇති බ්‍රාහ්මී අක්ෂරවලින් යුතු ශිලාලෙඛණ වලින් මෙය තහවුරු වන බවත් කියවෙනවා. ඒෙස්ම ඵුස්ස දේව යෝධයා සංඛපාල විහාරයෙහි පැවිදී සිටි බවත් අවසානයේදී සියලු කෙලෙසුන් ප්‍රහීන කර එහිදීම රහත් වූ බවටත් ජනප්‍රවාද තිබෙනවා.
2/2