එරබදු මල කීව කතා. එරමුදු ගහ මුදුනේ මල් ගොඩක් පිපිල රතුපාටින් බැබැළි බැබළි තිබුණා. ඒත් ඒවගේ රොන් ගන්න මී මැස්සොවත් සමනල්ලුවත් ගියේ නැහැ. “ඇයි අම්මේ, අර රෝස මල්වලට විතරක් සමනල්ලු යන්නේ. එරමුදු මලට යන්නේ නැතුව.?” කුමාරි ඇහුවා. “එරමුදු මල ලස්සන උනාට ඒකේ පැණි නැහැ. සත්තු උනත් යන්නේ එන්නේ ඒ අයට ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් ළගට.” “ඒ කියන්නේ මිනිස්සුත් එහෙමද අම්මේ.?” “ඔව් පුතා. මොනම දෙයක් හරි මිනිස්සු ළඟත් තිබුණොත් තමයි අනෙක් අය එයා ළඟට යන්නේ. එක්කෝ එයා ධනවත් වෙන්න ඕන. නැත්තං උගත් වෙන්න ඕන. නැත්තං ගුණවත් වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන. එහෙම නැත්තං සමාජෙ මොනම හරි වැඩක් කරන්න හරි හැකියාවක් එයා ළඟ තියෙන්න ඕන.” “ඒ කියන්නේ නිකම්ම නිකමුන්ට කවුරුත් කැමැති නැහැ කියලද?” “ඔව් ඒ අයට තමන්ම ආඩම්බරෙන්, ලොකුකම හිතේ තියාගෙන ඉන්න පුලුවන්.” “ඒක හරි අම්මේ. මාත් මොනම හරි දෙයක් ජීවිතේට එකතු කර ගන්න ඕන. එතකොට මමත් මිනිස්සුන්ට ඕන වෙන කෙනෙක් වේවිනේ.” “ඔව් පුතේ, මොනම හරි දෙයක් ඉගෙන ගන්න.”

1/1

- ආනන්ද මාරසිංහ -