“ළමයි මං ප්‍රින්සිපල්ගේ ඔපීස් එකට ගිහින් එනකල් හැමෝම අම්මගෙ චිත්‍රයක් අදින්න.” ටීච එහෙම කියල ප්‍රින්සිපල් හම්බ වෙන්න ඔපිස් එකට ගියා. ටීච එනකොටත් ළමයි චිත්‍ර අඳිමින් සිටියා. ඒත් ටීච වාඩිවෙනකොටම, සමන් ඇඳපු චිත්‍රය ගෙනත් දුන්නා. “මොකක්ද සමන් මේ. මං අම්ම කෙනෙක්නේ අඳින්න කිව්වේ.” “ ඔව් ටීච. ඔය අම්ම තමයි.” “කෝ මෙහාට එනව. මට කියල දෙනව, කොහොමද අම්ම මෙහෙම වෙන්නෙ කියල.” “ටීච, අපේ අම්මට අපි ගෙදර කොතන හිටියත් පේනවා. අම්මට හොරෙන්නම් මොකුත් කරනවා බොරු. ඒ නිසා තමයි, මේ ඇස් ලොකුවට ඇන්දේ. ඒ වගේම තමයි කන් දෙක. අපි රහසින් කතා කළත් අම්මට ඇහෙනවා. ඒ නිසා තමයි කන්දෙක කුල්ලක් වගේ ලොකුවට ඇන්දේ.” “එතකොට අත්?” “අපේ අම්මා ගෙදර හැමෝගෙම වැඩ එකපාර කරනවා.ඒක නිසා තමයි අත් ගොඩක් දැම්මේ.” “එතකොට ඇයි මේ කටයි බඩයි චූටියට ඇන්දේ?”. “අපේ අම්මා කන්නේ ඩිංගයි. ඉතිං ඒ ඩිංග කන්න අම්මට ලොකු බඩක් ඕනය.” ටීච සමන්ගේ ඔළුව අතගෑවා. හැමදෙනාගෙම අම්මලා සමන්ගේ චිත්‍රෙ වගේ තමයි. හැම අම්ම කෙනෙක්ම දරුවන්ට ආදරෙයි. කිසිම කරදරයක් හිරිහැරයක්, කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඒත් මීට වඩා ලස්සනට, හෙමීට, අම්මව අදින්න ඕන. ටීච හැමදෙනාටම ඒ චිත්තරේ පෙන්නලා, තේරුම කියා දෙන ගමන් කීවා. “ඔව් ටීච, අපෙ අම්මත් එහෙම තමයි. අපිට කන්ට දීල දංකුඩේ තමයි අම්මා කන්නේ.” අයේෂ් කීවා.
1/1