දාංගලේ. ලොකු පුතාගේ පොඩි පුතා ටැප් එක අරගෙන ඔලුව අල්ලගෙන නානවා. එයාට අවුරුදු දෙකක් ඇති. “ඒයි. ඒයි. මොකද ඔය කරන්නේ? දැන් ටිකකට ඉස්සර වෙලා නේද නාවල ගොඩින් තිබ්බේ. දුවනවා ගෙට, මම කෝටුවක් ගන්න ඉස්සර වෙලා.” ලොකු පුතා කීවා. පොඩි එකා ඇඹරි ඇඹරි ඉස්තෝප්පුවට ගොඩ උනා. “මෙන්න මෙයාගේ ඇඳුම් මාරු කරන්න. එයා ආපහු නාලා.” පුතා දුවට කතා කරල කීවා. මමත් ඒ සද්දෙට එතෙන්ට ගියා. “බලන්ටකෝ අප්පච්චි මෙයාලගේ වැඩ. දැන් නාවල අන්දවල ගොඩින් තිබ්බ විතරයි ආපහු නාල.” “ඔහොම තමයි පොඩි එවුන්. වැල්ලයි, වතුරයි, දැක්කොත් එතෙන්ටමයි ඇදෙන්නේ.” “ඒත් ඉතිං අසනීපයක් උනොත් අපි එපාය දඟලන්ට. අනික පයිප්පෙ ඇරියම ඒක වහල දාන්නෙත් නැහැ. අපරාදෙ වතුර නාස්ති කරනවා.”
1/2
“ ඔව් ඉතිං ඒ උනාට අර කතාවක් තියෙනවානේ ‘අලියන්ට කොල්ලන්ට නලියන්ටමයි හිත’ කියල” මම හිනාවෙලා කීවා. පුතා ඒකට මොකුත් කිව්වේ නැහැ.
2/2