දුටුගැමුණු කුමාරයා ඉපදීමටත් පෙර සිටම ඔහුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටි වේළු සුමන යෝධයා ඔහු අනුරාධපුරය අල්ලා ගැනීමට කළ සටන්වලදීත් දුටුගැමුණු මහරජු සමීපයේම සිට ඔහුට ආරක්ෂාව සැලසුවා. විජිතපුර බලකොටුව අල්ලගන්න කරපු සටනේදී ඔහු අශ්වයෙකු මත නැගී විදුලි වේගයෙන් සතුරන් මැදට පැන සටන් කළේ කිසිවෙකුට අදහා ගත නොහැකි විදිහට. සේනාවේ සැම දෙනාගේම එකමුතුව හා කැපවීම, හා නායකත්වය විජිතපුර ජයග්‍රහණයට හේතු උනා. යුද්ධයෙන් පස්සේ වේළුසුමනත් ඒ වෙනුවෙන් රාජ සම්මාන ලබා ගත්තා. I. දුටු ගැමුණු රජතුමා කළ සෑම පින්කමකටම සම්මාදන්වූ වේළුසුමන යෝධයා බොහෝ කාලයක් ආයු විඳ මරණයට පත්උනා.

2/2

- ආනන්ද මාරසිංහ -