තමන්ටත් මී හරක් පට්ටියක් හිටියොත් හොඳට හම්බකරගන්ට පුලුවන් කියල දවසක් අන්දරේට හිතුන. ඒත් හරක් ටිකක් හොයා ගන්න විදිහක් ගැන අන්දරේ කල්පනා කළා. රාජ සේවයෙන් ලැබෙන මුදල ඒ වගේ දේකට හිර කරන්න තරම් මදි. ඒ නිසා එයා ඒකට උපක්‍රමයක් කල්පනා කළා. රජ්ජුරුවෝ ළඟට ගියා. “දේවයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ දෙනාට වරප්‍රසාද දෙනවා. මටත් වරයක් ලබා දුන මැනවි.” “හොඳයි එහෙනම් ඉල්ලමුකෝ බලන්ට.” “දේවයන් වහන්ස යම්කිසි පුරුෂයෙක් ඔහුගේ භාර්යාවට බය බව ඔප්පු කළොත් ඔහුගෙන් හරක් බානක් ලබා ගන්න මට වරයක් ලබා දුන මැනවි.” “ඔව් ඉතිං පිරිමි ගෑණුන්ට බයයිනේ අන්දරේ.” “ඒ උනාට ඒ අය ඒක පිළිගන්නේ නෑනේ. මම ඒක ඔප්පු කරනවා.” “හොඳයි හොඳයි. මම ඒ වරය උඹට දෙන්නම්”. කියාපු රජතුමා තල්පතක එය ලියා රාජමුද්‍රාවත් තියල අන්දරේට දුන්නා. ඉතිං අන්දරේ මේ බලපත්‍රයත් අරන්, හරක් පට්ටි තියෙන ගෙවල් වලට ගිහින් සැමියා බිරිදට බය බව ඔප්පු කරමින් හරක් බාන බැගින් ලබා ගත්තා. වැඩි දවසක් යන්න ඉස්සරවෙලා අන්දරේට සෑහෙන හරක් පට්ටියක් හදාගන්න පුලුවන් උනා. ඉතිං දවසක් අන්දරේ මේ හරක් පට්ටිය මාළිගාව ආසන්නයේ ඉඩමක නවත්තලා බලාගන්නත් කෙනෙක් යොදවලා මාළිගාවට ගියා. “අන්දරේ අර හරක් රැළ කාගෙද?” රජතුමා හරක් පට්ටිය පෙන්නලා ඇහුවා. “දේවයන් වහන්ස ඒ මගේ අලුත් හරක් පට්ටිය.” ඒ තරම් හරක් පට්ටියක් තියාගෙනරජයට අයවිය යුතු බදු ගෙවල නැහැනේ අන්දරේ. මම තොපට දඩ මුදලුත් එක්ක ගෙවීමට අණ කරනවා.” “සමාවන්න දේවයන් වහන්ස, මේ ඔබ වහන්සේගේ කරුණාවෙන් ලැබුණු වරය අනුව ගැහනුන්ට බය මිනිස්සුන්ගෙන් මම ලබාගත් හරක් ප්‍රමාණයයි ඔය. ගෑනුන්ට බය මිනිසුන්ගේ තරම පේනවා නේද දේවයන් වහන්ස.” “ඒක නෙවෙයි දේවයන් වහන්ස. මම ඇවිදින්ට ගියාම දිව්‍යාංගනාවක් වගේ ලස්සන තරුණියක් දැක්කා. ඇගේ මූණ හඳක් වගේ. මුවැත්තියකගේ වගේ අහිංසක ඇස්. ඇගේ දිගු කෙස් කලාපය අක් බඹරු වගේ. රණ හංසයන් වගේ පියයුරු. පුලුල් උකුල. රන්වන් පාට ඡවි වර්ණය ඇයට ආභරණයක් වගේ . ඇගේ ගමන හා මද සිනාව තවමත් මට මැවී පෙනෙයි. වදන් කනට මී වත් කරන්නාක් වැනියි. ඇයනම් ගැලපෙන්නේ ඔබ වහන්සේටමයි.. එහෙමයි දේවයන් වහන්ස එයා ගැලපෙන්නේ නම් ඔබ වහන්සේටමයි.” “අන්දරේ හෙමින්. හෙමින්.. බිසවුන්නාන්සේ ඇතුල් කුටියෙහි ඉන්නවා. ඇයට ඇහුනොත් මට විසුමක් වෙන්නේ නැහැ.” “ඒ කියන්නේ ඔබ වහන්සේත් බිසවට බියයි.” “නැතුව අන්දරේ.” අන්දරේ සිනාසී ඉනෙහි ගසා සිටි තල්පත රජුට පෙන්නුවා.

1/2

“දැන් ඔබ වහන්සේත් මට පරාදයි. මට මී හරක් බානක් ලබා දුන මැනවි.” “අන්දරේ මොනවද මේ කියන්නේ. මගෙන් හරක් බානක් ඉල්ලන්නේ.?” රජු විශ්මයෙන් අන්දරේ දෙස බැලීය. “දේවයන් වහන්ස, නීතිය කාටත් සමානයි. ඔබ වහන්සේ දුන් වරය ඔබ වහන්සේම කඩ කරන්නේ නම් එය නොමැනවි. එය නීතියට කරන අගෞරවයකි.” “හරි හරි අන්දරේ ඔබේ හරක් බාන ඔබට ලැබේවි. එහෙනම් කවියකුත් කියාපන්කෝ බලන්න.” පිරිමින් බොහෝ දෙන කටමැත දොඩා ගෙන නිවසති ගෙදර මම රජුයැයි හිතා ගෙන බොරු නැත මහරජුනි ගියහම හොයා ගෙන බවලත් අයම බලවත්. උන් දෙවැනි තැන

2/2

- ආනන්ද මාරසිංහ -