කුමාර මූණ හෝදල වැලේ තිබිච්ච තුවායෙන් මූණ පිහදැම්මා. “අම්මේ කහනවා ...කහනවා..” එකපාරටම එයා කෑ ගහන්න පටන් ගත්තා. අම්මා තුවාය බැලුවා. ඒක ගසා දැම්මා. ඒකෙ දළඹුවෙක් ඉදලා .. දළඹුවා මූණෙ ගෑවිලා. ඒකයි කහන්න පටන් ගත්තේ. “හොඳ වැඩේ ..හැමදාම කියනවා, තුවාය ගසා දාල මූණ පිහදාගන්න කියල.” අම්ම තරහෙන් වගේ කීවා. “මෙන්න මෙහාට එනවා.” අම්මා කුමාරගේ අතින් ඇදගෙන ගෙට අරන් ගියා. මූණේ දළඹුවා ගෑවිච්ච තැන පොල් තෙල් ටිකක් ගාලා හිමීට හූරල දැම්මා. ඊට පස්සේ සර්ව විසාදිය තෙල් ටිකකුත් ගෑවා. කුමාරගේ කැහිල්ල ටිකක් අඩු උනා. ඒත් දැවිල්ලයි තඩිස්සියයි නම් දවස් දෙකක් විතර තිබුණා. “හොයල බලන්නේ නැතුව වැඩ කරනවාට ඔයාට හොඳ වැඩේ.” අක්කා කීවා.
1/1