ලොකු පුතා ඔපීස් ගිහින් එකකොට බලු පැටියෙක් ගෙනාවා. දරුවෝ ඒ පැටියා තමන්ගේ හුරතලා බවට පත්කර ගත්තා. සෙල්ලම් කළා. ටිකෙන් ටික එයා ලොකු උනා. ඒත් එයා චූටි නිසා නම තිබ්බේ චූටි කියල. හැබැයි ගෙදර අය ගෙදර පොඩි පුතාට කීවෙත් ‘චූටි’ කියල. අන්තිමේදි ගෙදර පුතා ‘චූටි’ උනා. අරයා ‘බලු චූටි’ උනා. බලු පැටියට ඒ නමම රෙජිස්ටර් උනා. බලු චූටිට කන්න, දත් ටික ගෙවෙන්න, ටිකක් ලොකු මස් කට්ටකුත් ගෙනත් දුන්නා. ඒ වෙලාවට එයා හරි සැරයි. චූටියි, අයියයි, දෙන්නම ඒ වගේ වෙලාවට කෝටුවක් අරගෙන ‘බලුචූටි’ අවුස්සනවා. අම්මයි, අප්පච්චියි, දෙන්නා කොච්චර කීවත් ඒ අයට හොරෙන් දෙන්න දඟ වැඩ කළා. දවසක් බලුචූටි මස් කට්ට හප හපා හිටියා. ‘චූටි’ මස් කට්ටට පයින් ගැහුවා. බලුචූටි චූටිගෙ කකුල ඇල්ලුවා. එයා ඉක්මනට පස්සට පැන්නා. එතකොට බිමට වැටුනා. චූටි පැත්තකට ගිහින් අඬ අඬා හිටියා. “මොකද පුතේ අඩන්නේ?” අම්මා ඇහුවා.
1/2
“බලු චූටි කකුල හැපුවා.” චූටි කීවා. “ඔයා මොකද කළේ?”. “මං මුකුත් කළේ නැහැ. මට බලු චූටි කකා හිටපු මස් කට්ට පෑගුනා.” “ඒකනේ, හැමදාම කියන්නේ බලු චූටි කකා ඉන්නකොට කරදර කරන්න එපා කියල. චූටිගේ අම්මා. එයාගේ කකුල සබන් දාල හේදුවා. තුවාලයක් වෙලා නැහැ. ඒත් බේත් ටිකක් ගෑවා. “ආයෙ එහෙම බලු චූටි කව්වගෙන තිබුණොත් ඉස්පිරිතාලෙ අරන් ගිහින් ඔයාටත් බේත් විදිනවා.” අම්මා චූටිව බය කෙරෙව්වා. “ආය මම බලු චූටිව තරහ ගස්සන්නේ නැහැ.” චූටි පුතා කීවා.
2/2