බුරණ ළිප. මනුදි කුස්සියට වෙලා අත්තම්මට ලූනු සුද්ද කරල දුන්නා. “අද නම් කවුරු හරි නෑදෑයෙක් ගෙදරට එනවා.” අත්තම්මා ලිප බුරනවා දැකල කීවා. “කොහොමද අත්තම්මා එහෙම කියන්නේ?” මනුදි ඇහුවා. “ළිප මේ වගේ බිරුවොත් අපෙ අම්මලා කියල දුන්නේ නෑදෑයෙක් එනවා කියලා.” “එහෙනම් ඉතිං පොල් කටුවක් ලිපට දැම්මොත් හැමදාම නෑදෑයෝ ගෙන්න ගන්න පුලුවන්නේ.” මනුදි කීවා. “එහෙම නෙවෙයි, ලිපට දාල තියෙන දර මේ විදිහට බුර බුරා පත්තු උනොත් තමයි ඒ සාස්තරේ හරි යන්නේ.” අත්තම්මා කීවා. “අපේ විද්‍යාව සර්ගෙන් අහන්න ඕන, කොහොමද ලිප බුරන්නේ කියල.” මනුදි කීවා. “ඔව්. අහල මටත් කියල දෙන්නකෝ.” අත්තම්මා හිනාවෙලා කීවා.
1/1