ජනශ්‍රුත කථා
කලු අප්පු මාලු බාපු හැටි.
කලු අප්පු තෙප්පිළියා දිහා බලාගෙන හිටියා. ඒකා ඇස් දෙක ලොකු කරගෙන කලු අප්පු දිහා බලාගෙන හිටියා. කටත් අරිනවා වහනවා. අමාරුවෙන් හුස්ම ගන්නවා.
කලු අප්පු පැට්‍රෝල් ලාම්පුව එල්ලපු හැටි.
කලු අප්පු ටිකක් මෝඩ පහේ තමයි. ඒත් හිත හොඳ මනුස්සයා. ඕනම කෙනෙක්ගේ මඟුලට-තුලාවට කයියට- අත්තමට එයා ගමේ කවුරුත් එක්ක හොඳින් ඉන්නවා.
කලු අප්පු පැට්‍රෝල් ලාම්පුව එල්ලපු හැටි.
කලු අප්පු ටිකක් මෝඩ පහේ තමයි. ඒත් හිත හොඳ මනුස්සයා. ඕනම කෙනෙක්ගේ මඟුලට-තුලාවට කයියට- අත්තමට එයා ගමේ කවුරුත් එක්ක හොඳින් ඉන්නවා.
අන්දරේගේ හරක් පට්ටිය.
ඉතිං අන්දරේ මේ බලපත්‍රයත් අරන්, හරක් පට්ටි තියෙන ගෙවල් වලට ගිහින් සැමියා බිරිදට බය බව ඔප්පු කරමින් හරක් බාන බැගින් ලබා ගත්තා.
අන්දරේගෙ ගෑනු හුටපටේ
තමන්ගේ දියණිය හොරෙන් පැන ගිය එක සම්බන්ධයෙන් කෝපයෙන් සිටි දෙමාපියන් හා සහෝදරයන් ඇය පැන ගියේ මොහු සමගයැයි සිතා අන්දරේ මිදුලට ගොඩවෙන විටම අල්ලාගෙන අතින් පයින් හා මුගුරුවලින් මදි කොකියන්ට පහර දුන්හ.
අන්දරේ නූලෙන් බේරුණු හැටි
අන්දරේ හිතාගෙන හිටියෙ තමන් හරි දක්ෂයෙක් කියල. රජ්ජුරුවන්ට ඕන වෙලා තිබුණ අන්දරේට පාඩමක් උගන්නන්ටත්.
අන්දරේ රජ හොරෙක් අල්ලයි.
හොරා ඒවා කිහිල්ලේ ගහ ගන්නකොටම අන්දරේ පැනපු ගමන්ම හොරා අල්ල ගත්තා. දෙක තුනක් ඇනල බිමට දැම්මා. දෑත් අස්සෙන් අත දාල බිම දාල දනිස්සෙනුත් තදකර ගත්තා
අන්දරේ ගොරකමුලක් යැවූ හැටි.
අන්දරේ වලව්වට ගියවෙලාවේ වලව්වේ මැණිකේ ‘තමන්ට ගොරක මුලක් ගෙනවිත් දිය හැකිදැ’යි අන්දරේගෙන් ඇහුවා.
රංගිරි දඹුල්ල හොයාගත්තෙ මෙහෙමයි
දඹුලු විහාරේ ප්‍රතිමා කර්මාන්තෙ කරන්න ඉස්සර වෙලා ප්‍රතිමා නෙළන්න ලෑස්ති වෙලා තියෙන්නේ ‘දිග්ගල් පතහ’ හෙවත් දිගම් පතහ, ‘මාගල් ලෙණ’ විහාරයේ.
කලු අප්පු ගිරේ අල්ලන්ට මදු ගැසූ හැටි.
කලු අප්පු පුවක් ගෙඩිය කපල ගිරේ මල්ල උඩින් තියල තලාකොල ටිකක් ගන්න මල්ලට අත දැම්මා. මල්ල උඩ තිබුණු ගිරේ ලිස්සල ගියා. හැබැයි ඉතිං වෙලාව කියන්නේ ඒක වැටුනේ හුඹහ ඇතුළට.
අන්දරේ කුකුලෙක් වෙච්චි හැටි.
“මොකක්ද අප්පේ ගැහැණු ළමයි එක්ක මට වතුරේ කරන්න පුලුවන් සෙල්ලම?” අන්දරේ හිනාවෙලා ඇහුවා.
කලු අප්පු කෙසෙල් කැන් කැපූ හැටි.
අතපසු වීම් කාටත් සිදුවෙනවා. මේත් කලු අප්පු අතින් සිද්වෙච්චි අත් වැරද්දක්. සමහරු හිතනවා ඒක මෝඩකමක් කියල. අනේමන්ද. ඔය ගොල්ල හිතන දෙයක් හිතන්න.
ගමට ඉස්සෙල්ලම බස් එකක් ඇවිත්.
“මේ මිනිස්සුන්ගේ රස්සාව උඹල බේරල දෙන්න ඕන. හෙට එළිවෙන්ට ඉස්සරවෙලා මේ කොටස තිබුණ විදිහටම හදල දීපල්ලා.” හාමුදුරුවෝ දායකයන්ට කීවා.
කලුඅප්පුගෙ බයිසිකල් පැදිල්ල
දැන් බයිසිකලේ යනවා. බයිසිකල් රෝදවල සර සර සද්දේ මිසක් බයිසිකලේ යනවා පේන්නේ නැහැ. කරුවල අහසේ තරු එළිය විතරයි තියෙන්නේ.
කලු අප්පු කරත්තෙට තෙල් ගහපු හැටි.
යන එන වාහන ඔක්කොම වගේ ෂෙඩ් එකට දාල තෙල් ගහනවා. දැන් වයිරා බැන්දත් මේකත් වාහනයක් නේ. නැත්තං ඉතිං ලයිසොං කරයිය. වයිරටත් තෙල් ටිකක් ගහගත්තොත් අපූරුවට වේගෙන් දුවයි කියල, කලු අප්පුට හිතුණා.
කලු අප්පුගෙ උණුවතුර බෝතලේ.
උණු වතුර බෝතලේ ගමට ටිකක් අලුත් උපකරණයක්. කලුඅප්පුගේ හාමිනේ කල්පනා කළේ කුඹුරට හේනට තේ ටිකක් හරි ඒකේ දාල යවන්න පුලුවන්නේ. එතකොට හැමවෙලාවෙම තේ උණු කර කර ඉන්න ඕන නැහැනේ කියල.
අන්දරේ රජ්ජුරුවන්ට බූරුවා කියපු හැටි
එක බූරුවෙක්ගෙනම් බැරිය දේවයන් වහන්ස. බූරුවෝ දෙන්නෙක්ගෙ බරනේ
අන්දරේට කස පහර.
බලය අයුතු ලෙස භාවිතා කිරීම, අනවසරයෙන් උත්සව භූමියට පැමිණීම, මුසා බස් තෙපලීම, වැනි වැරදි රාශියක් තොප විසින් කර තිබේ. ඒවා බරපතල වැරදිය. මම තොපට කස පහර පනහක් දඩුවම වශයෙන් නියම කරමි.
අන්දරේ හරක් හොරෙක් ...?”
හැම ඇමතිවරයෙක්ම, මන්ත්‍රීවරයෙක්ම, නිළධාරියෙක්ම, මේ විදිහට කරුණු කාරණා ගැන නිවැරැදිව උපකල්පනය කරනවා නම්, ඒ රට සුඛිත මුදිත කරන එක අසීරු කාරණයක් නෙවෙයි.
කුඤ්ඤය ගැලවූ වඳුරා.
පේනවා නේද තමන්ට අයිති නැති වැඩ කරන්න ගියහම සිද්ධවෙන දේවල්.? ඔයාලත් ඒවගෙන් පාඩමක් ඉගෙන ගෙන තමන්ට අයිති නැති වැඩ නොකර ඉන්ට පුරුදු වෙන්න ඕන
අන්දරේ
අන්දරේගේ දැණුම පිළිබඳව කිසිසේත් අඩු තක්සේරුවක් නොකළ යුතුය. ඔහු නීතිය පිළිබඳවත්, සමාජ ධර්මයන් පිළිබඳවත්, ආගම දහම පිළිබඳවත්, දැණුමින් යුතු අයෙක් බව පෙනීයයි.
සද්ද විද්ද පළඟ පතිර අන්දරේ
අන්දරේ තීරණය කළා ගෙම්බා ඉන්න තැන. අතෑරියා දුන්නෙන් ඊතලය. ‘ජ්ලග්’ කියන සද්දෙන් ඊතලය වතුරට වැදෙන සද්දෙ ඇහුනා. ගෙම්බගෙ සද්දෙ නැවතුනා.
අන්දරේ කාන්තාවන්ට කී කවි.-
අන්දරෙත් කවියෙක්නේ. එයත් කාන්තාවන් ගැන නොයෙක් කවි කියල තියෙනවා. එහෙම කවි කීවට ඒවා කවියට පමණයි සීමා උනේ. අන්දරේගේ සිතේ අසංවර සිතුවිලි පහළ උනේ නැහැ.
අන්දරේගේ සංවාද කවි.
අන්දරේ රාජසභාවේ සිටි දක්ෂ කවියෙක්නේ. හිටිවන කවි කියන්ටත් හපනා. විහිළු කතා කියන්නත් හපනා. උපහාස කවි කියන්ටත් එහෙමයි. සමහර කවිවල යටින් වෙන අදහසකුත් තියෙනවා. ශෘංගාරයක්. ව්‍යංගාර්ථයක්.
කලු අප්පු මහණ වෙන්ට යයි.
උඹ මැරෙන්ට ඕන නැහැ. ගෙදර ගෑණු උන්දගෙනුත් අවසර අරන් වරෙන් පන්සලට. මං උඹට කරුණු කාරණා උගන්නලා මහණ කොරඤ්ඤං
කලු අප්පු ගොනාට උදව් කරපු හැටි.
එයා කල්පනා කළා මම කොහොමද ගොනාට උදව් කරන්නේ කියලා. එයා කන්දේ යන ගමන් ටිකක් කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා. කරත්තේ නැවැත්තුවා.
අන්දරේගෙ දෙවෙනි විවාහය
ඔහුගේ කවියෙන් ඇය කුල්මත් වූවාය. ලජ්ජාවෙන් ඇඹරුනාය. ඇය ගැන මෙවැනි වර්ණනාවක් මින් පෙර කිසිවෙකු කර තිබුනේ නැත. දෑස යටින් ඔහු දෙස ආදරයෙන් බැලුවාය
අන්දරේ කරපු අල කලංචියක්.
ඔබ වහන්සේලාගේ පයේ මාපටගිල්ල රත්තරන් කූරකින් පුච්චල මගේ සිත් වේදනාව අඩු කර ගන්ටත්, මගේ අප්පච්චි සුගතිගාමී කරන්ටත්, මට අවසර දුන මැනවි
අලියට උඩින් ගිය උරුළෑවා.
මෙහි උරුළෑ ගඳක් වහනය වෙන්නේ නැහැ. අනෙක් කාරණය දේවයන් වහන්ස, අලියෙකුට වඩා උස උරුළෑවෝ ඉන්න රටක් තිබෙනවාද. මේ හැමදෙනාම කියන්නේ මුසාවාද විය හැකියි.
අන්දරේගෙ බිරිඳගේ මරණය
වෙද මහත්තයා වැදුම් ගෙයින් එළියට ආවේ සුන් වූ බලාපොරොත්තුවෙන් හා නවාගත් හිසින් යුතුව.. එයා වචනයක් වත් කතා කළේ නැහැ. අන්දරේ ළඟට ගියා. උරිස්සට අත තිබ්බා
අන්දරේගේ තර්‍ක බුද්ධිය
දේවයන් වහන්ස, ඔබ වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි පැවසුවා. හැකිනම් මගේ ඇගෙහි ගල්වා දියවුණු කොකුම් ටික නැවත ලබාදෙනු මැනවි
හාමුදුරුවන්ගේ ඇදේ ‘කිරි ..කිරීය’
“අනේ බලන්න ඒයි. අපේ හාමුදුරුවන්ගේ ඇදේ නිඳියන්නවත් බැහැ. හොඳටම අබලං වෙලා. ඒක ‘කිරි කිරි’ ගානවා. අලුත් ඇඳක් අරන් පූජා කරන්න ඕනෑ.”
“කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැදගන්න රාළේ.”
කෝට්ටේ දළදා වහන්සේට අනාරක්ෂිතයි. පෘතුගීසීන් අතට දළදාව පත්වීමේ ඉඩකඩ වැඩියි.