“කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැදගන්න රාළේ.” කෝට්ටේ රාජධානිය සමයේ සිදුවූ වැදගත් සිදුවීමක් උනේ, බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කිරීම හා කිතුනු දහමේ ව්‍යාප්තිය ආරම්භ වීම. ඒ කියන්නේ පෘතුගීසින්ගේ ආගමනය. කෝට්ටේ දළදා මාළිගාව තිබුනේ රජ මාළිගාව ආසන්නයේමයි. දළදා වහන්සේගේ තේවාවන් භාරවෙලා තිබුණේ හිරිපිටියේ නිළමෙ තුමාටයි. දියවඩන නිළමේ, දියනිළමේ කියලත් එතුමාට කීවා. දවසක් එතුමාට සිහිනෙන් ඇහුනා, “කෝට්ටේ කළාලේ කිසිල්ලේ- දත මැදගන්න රාළේ” යැයි කියපු ශබ්දයක්. එතුමා නින්දෙන් ඇහැරිලා තනිවම තේරුම කල්පනා කළා. ‘කළාලය කිහිල්ලේ ගසාගෙන, දත මැද ගන්න.’ යන අරුතට වඩා වැඩියමක් එහි තිබෙන බව එතුමාට වැටහුනා. එතුමා තවත් කල්පනා කළා. වචන කඩා බැලුවා ( කෝට්ටේ-කළ -ආලේ. කිසි -ඉල්ලේ. දත මැද ගන්න රාළේ.) ඔහු බොහොම අමාරුවෙන් අදහසක් ගලප ගත්තා. “කෝට්ටේට කළ ආලය අත් හරින්න. දන්ත ධාතුව රට මැදට ගෙන යන්න.” ඔහු ගත් අදහසයි ඒ. දළදා වහන්සේගේ භාරකරු ලෙස එසේ අදහස ගැනීම වැරදි නැතැයි ඔහු සිතුවා. මේ කාලයේ පෘතුගීසීන්ගේ කරදර බහුලව තිබුනා. ඔහු රහසේම දළදා වහන්සේගේ අනුරුවක් ඇත් දළෙන් හැදුවා. එය දළදා කරඩුවේ තැන්පත් කළා. නියම දළදා වහන්සේ කුඩා රන් කරඩුවක බහා සඟවා ගත්තා. ඒ කාලයේ සුනේත්‍රාදේවි පිරිවෙනේ හිටියා නාගසේන කියල මහ පණ්ඩිත හාමුදුරු නමක්. එතුමා උන් වහන්සේ හමු උනා. තමා
1/2
දුටු සිහිනය උන් වහන්සේට කීවා. එය තේරුම් කර දෙන ලෙසත් ඉල්ලා සිටියා. උන් වහන්සේ හිතුවා. හිතුවා. හිතුවා. මද සිනාවක් පෑවා. “නිළමේ තුමනි, මෙයින් කියවෙන්නේ දළදා වහන්සේට යම් අනතුරක් වන බවයි. ඒ නිසා දළදා වහන්සේ රට අභ්‍යන්තරයට ගෙන යන්න කියල කියවෙන බවයි මට හැගෙන්නේ.” “ඔබවහන්සේගේ අදහස මමත් පිළිගන්නවා. මේ බලන්න. මම දළදා කරඬුව රහසේ රැගෙන ආවා. මගේ අදහස එය සිතාවක මායාදුන්නේ රජු හමුවට ගෙන යාමයි.” නිළමේ කීවා. “ඔබ තුමාගේ අදහස මම පිළිගන්නවා. කෝට්ටේ දළදා වහන්සේට අනාරක්ෂිතයි. පෘතුගීසීන් අතට දළදාව පත්වීමේ ඉඩකඩ වැඩියි. ආරක්ෂා කාරීව, රහසේම, ඉතා ඉක්මනින්ම දළදා වහන්සේ සීතාවකට පමුණුවන්න.” ඒ අනුවයි දළදා වහන්සේ සීතාවක මායාදුන්නේ රජු භාරයට පත්වූයේ. රජතුමා වැඩි ආරක්ෂාව සඳහා දළදා වහන්සේ දෙල්ගමු විහාරයට භාර දුන්නා. දෙල්ගමු විහාරවාසී ස්වාමින් වහන්සේලා දළදා වහන්සේ කුරහන් ගලක සඟවා ආරක්ෂා කරනු ලැබුවා. මායාදුන්නේ රජු මරා රජකමට පත් රාජසිංහ රජතුමා ශිව සමය වැළඳ ගත්තට පස්සේ විමලධර්‍මසූරිය රජතුමා, ‘ලබුජග්‍රාමයේ’ තිබුනු දළදාව මහනුවරට ගෙන්වාගෙන දෙමහල් මාළිගාවක් හදල, පුද පූජා පැවැත්වූවා. (පාලියෙන් ‘ලබුජ’ කියන්නේ දෙල්වලට. ලබුජ+ගාම කියන්නේ දෙල්ගම. දෙල්ගමුව. “අම්බං ඵුට්ඨෝ ලබුජං ව්‍යාකරෙය්‍ය.” අඹ ගැන අහපුවහම දෙල් ගැන කියයි. කියල කතාවකුත් තියෙනවානේ.)
2/2