පන්සලට වඩින කිසිම හාමුදුරු නමක් මාස තුන හතරකට වඩා වැඩ ඉන්නේ නැහැ. මොනව හරි හේතුවක් කියල පිටත් වෙලා යනවා. ඒත් අන්තිමට ආපු හාමුදුරුවෝ නම් දැන් අවුරුදු හතර පහක් කිසි ප්රශ්නයක් නැතුව වැඩ ඉන්නවා. උන් වහන්සේ පන්සලේ කිසිම බරක් තමන් අතට ගන්නේ නැහැ. වගකීමක් ගන්නේත් නැහැ. දානේ ගෙනාවොත් වළඳනවා. නැත්තම් ගිලන් පස එකක් හදාගෙන වළඳනවා. මිදුල් පතුල් අතු පතු ගාගෙන බුද්ධ පූජාව තියාගෙන ඉන්නවා. සමිති සමාගම්වල වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්නේත්, නිළතල කිසිවක් භාරගන්නේත්, නැහැ. කිව්වොත් ගිහින් පන්සිල් දීලා ආපහු ආවාසෙට වඩිනවා. ගමේ දානයක් මානයක් තිබුනොත් ඒක කරල දෙනවා. මරණයක් උනොත් ඒකේ ආගමික වැඩ ටික කරල දෙනවා. දානයකට පිඟන් කෝප්ප අඩුපාඩුවක් උනොත් ඒවා පන්සලෙන් අරන් යන්ට පුලුවන්. ඒ අය ආපහු ගෙනැල්ලා, තිබ්බ තැනම තියන්ට ඕනෑ. හාමුදුරුවෝ ඒවා හරිද වැරදිද බලන්න යන්නෙත් නැහැ. කවුරුවත් ඇහුවොත් කියන්නේ “මේවා
1/4
දායකයන්ගේ දේවල්. ඒවා ආරක්ෂා කරගන්න ඒ අය දැන ගන්න ඕන.” කියලයි. පන්සලේ කඨින පිංකම්වලදීත් ඒවා ඔක්කොම කරන්නේ ගමේ අයමයි. ගමේ අය කීවට අපි දන්නවානේ ඒවට මූලික වෙන්නේ කීප දෙනයි. එයිනුත් වැඩි පිරිස කාන්තාවෝ. ගොඩ දෙනෙක් උපදෙස් දෙන්ටයි අඩු පාඩු බලන්ටයි, විවේචනයටයිනේ, ඉන්නේ. ඉතිං එක දවසක් කඨින පිංකමට පන්සල ඇතුළත්, පිටත්, සුද්ධ පවිත්ර කරන්න කට්ටිය ආවා. හාමුදුරුවෝ ඒ අයට ඕන දෙයක් කරගන්න කියල එලියේ පුටුවක වාඩිවෙලා හිටියා. ආපු අය ඔක්කොම කාන්තා පාර්ශ්වයේ. ඒ අයගේ තනියට ආපු කොල්ලෝ කුරුට්ටෝ කීප දෙනෙකුත් හිටියා. ඒ අය වැඩ කරන්න ආපු අය නෙවේ. උන් ආපු වෙලාවෙ ඉඳලම අල්ලං සෙල්ලං කරනවා. දැන් කාන්තා පාර්ශ්වයේ කොටසක් පන්සල් මිදුලේ හා මල් පාත්තිවල වැඩට බැස්සා සමහරු විහාරගෙය සුද්ධ කළා. සමහරු ධර්ම ශාලාව සුද්ධ කළා. සමහරු ආවාස ගේ ඇතුළේ සුද්ධකරන්න පටන් ගත්තා. මහලොකු පන්සල් නෙවේ. කාමර දෙකයි, ඉස්තෝප්පුවයි. ඒකෙම පැත්තක් දාන ශාලාවට වෙන් කරල. ඇඳපුටු මේස එහාට මෙහාට
2/4
කරල සුද්ධ කරනවා. මකුළු දැල් කඩනවා. සිවුරු පිරිකර පුටු කවර ගසා දානවා. නවනවා. පිඟන් කෝප්ප සුද්ද පවිත්ර කරනවා. යතුරු අල්මාරිවල යතුරු තහඩුවේම එල්ලිලා. ඒවා අරන් තියන්ටවත් හාමුදුරුවන්ට ඕන කමක් නැහැ. ඒවගේ ඇති දේකුත් නැහැ. එක උපාසක අම්මා කෙනෙක් ඇදේ ඇතිරිල්ල ගසා දාල ආපහු එලන්ට ඇඳට අත තිබ්බා. ඒක ‘කිරි කිරි’ ගානවා. ඒ ඇඳ ඒ කරමටම අබලං වෙලා. “අනේ පව්. අපි හාමුදුරුවන්ට ඇඳක් පූජා කරමු.” කාන්තාවෝ කීප දෙනෙක් කතා උනා. ඒකේ මූලිකත්වය ගත් කාන්තාව ගෙදර ගිහින් තම සැමියාටත් මේ කතාව කීවා. “අනේ බලන්න ඒයි. අපේ හාමුදුරුවන්ගේ ඇදේ නිඳියන්නවත් බැහැ. හොඳටම අබලං වෙලා. ඒක ‘කිරි කිරි’ ගානවා. අලුත් ඇඳක් අරන් පූජා කරන්න ඕනෑ.” සැමියා ඇගේ මූණ දිහා බැලුවේ රකුසෙක් වගේ
3/4
“ඈ බොල පරට්ටී.. තෝ මොකටද හාමුදුරුවන්ගේ ඇදේ නිඳා ගන්න ගියේ.” “මම නිඳා ගන්න ගියේ නැහැ.” “එහෙනම් කොහොමද තෝ ඇඳ ‘කිරි කිරි’ ගානවා කියල දන්නේ.” ඔහු ඇගේ කෙස්සෙන් අල්ල ගත්තා. ඇය බොහොම අමාරුවෙන් කරුනු කාරණා පහදල දීල සැමියගෙන් ගුටි නොකා බේරුනා. හාමුදුරුවන්ගේ ස්වභාවය දන්නා සැමියාත් ඒ කතාව පිළිගත්තා. අදත් සමහරු ඇය දුටුවහම හිනාවෙලා, “හාමුදුරුවන්ගේ ඇඳ කිරි කිරි ගානවලු නේද?” කියල අහනවා. ඇය හිනාවෙලා නෑසුනා වගේ යනවා.
4/4