සමාජීය කථා
විටක් කරපු හදිය
ඇයගේ ගවුම බතික් කළාක් මෙන් රතුපාටය. බස් එකේ ගිය කෙනෙක් ගැසූ බුලත් කෙළ පාරක් සම්පූර්ණයෙන්ම ඇය නහවා ඇත
ගින්දර සහ පුළුන්
ඔහුගේ බිරිඳත් නිතරම ඤරු ඤුරු ගානවා. අන්තිමේදී ගෙදරින් එළියට දැමිමා. කරන්න දෙයක් නැතුව හොරකමට පෙළඹුනා.
ඓතිහාසික ගල්ලෙන් අරණ්‍ය සේනාසනය, වෑවල වැව
මෙහි ශෙල් ලිපි හා ‘අත්තානි’ කණු කීපයක්ම වේ. ‘අමරසල බතිකන’ නමැති ඇමතිවරයෙකු මේ විහාර කර්මාන්තයේදී මූලිකත්වය ගත් බවත්, ධම්මගුත්ත නමැති මහතෙර කෙනෙක් මෙහි වැඩ වාසය කළ බවත්, ශෙල්ලිපිවල සඳහන්වේ.
අදට ඔබින කතා හයක්.
“ඇත්ත මල්ලී. මම හිතාගෙන හිටියේ දරුමල්ලෝ, සල්ලි, ඉඩකඩම් වතු පිටි තිබුණම මමත් ලොක්කෙක් කියල. ඒත් තමන්ට තමන්වත් නැති බව තේරුනේ ඊයේ රාත්‍රියේ. ඔයාට බොහොම ස්තුතියි මල්ලී.”
කතක් නිරුවත් කළ හාමුදුරුවෝ
ස්වාමීනි තරුණ කාන්තාවකගේ මළ සිරුරකි. පාංශුකූල චීවරයක් සඳහාවත් එහි වස්ත්‍රය මුදා හැරීම නොකළ යුතුයැයි හැගේ
කළල ගිලුණු ඇතු
විල ළඟට ගිය ඇමැතියාට අපූරු සිතුවිල්ලක් පහළ උනා. ඇතා ගොඩගන්නවා බලන්ට ආපු පිරිසයි, ඇත්තු ටිකයි, ජලාශයේ දෙපැත්තේ තියලා, යුද්ධයකට සූදානම් වෙන්නා වගේ රණ බෙර වාදනය කළා.
අන්දරේට මීගමු පොල් පෙන්නීම
“අනේ පොල් ගහක මොනව බලන්නද දේවයන් වහන්ස.? මේ හැම දෙනාම එම දසුන මනාව දැක්කනේ.”
දඹුල්ල තේවා පන්සල්. 1.
මෑත ඉතිහාසයේදි, උන්වහන්සේලා වැඩ වාසය කළේ, ‘ඉහළ පන්සල’, ‘මැද පන්සල’, හා ‘පහළ පන්සල’, යන නමින් යුත් එක ආසන්නයේ පිහිටි ලෙන් හා කුටි ආශ්‍රිතවය.
කපුටු සාස්තරේ.
“දැන් ඉතිං කපුටු සාස්තරේ හරිගියත්, වැරදුනත්, ගෙදර සුද්ධ පවිත්‍ර උනානේ” තාත්තා හිනාවෙලා කීවා.
‘මව් ගුණ නැත නිම්මා.
පැටවුන්ට අම්මගෙ සුවඳ දැනුනා. ඔවුන්ගේ කෙඳිරිය වැඩි උනා. ඔවුන් අම්ම දිහාට දුවගෙන ආවා. අම්මා ඔවුන් දිහාට දුවගෙන ගියා. කිරි බින්දු බින්දු තණපුඩුවලින් වැටෙන්ට ගත්තා.
හාමුදුරුවන්ගේ ඇදේ ‘කිරි ..කිරීය’
“අනේ බලන්න ඒයි. අපේ හාමුදුරුවන්ගේ ඇදේ නිඳියන්නවත් බැහැ. හොඳටම අබලං වෙලා. ඒක ‘කිරි කිරි’ ගානවා. අලුත් ඇඳක් අරන් පූජා කරන්න ඕනෑ.”
බූරු කතාවක්.
යම් කිසි තොරතුරක් පිළිගන්නා විට, ඒ ගෙන එන පුද්ගලයා පිළිබඳවත් තේරුම් ගතයුතුයි. ඔහු තමන්ට කෙතරම් හිතවත් වුවත් ඔහුගේ බුද්ධිමත් භාවය පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි
රයිගමයයි - ගම්පලයයි.
හරි ෂෝක්. අපි දෙන්නම ගැලපෙනවා. ඔබ බුලත්. මම පුවක්. අපි එකටම ඉමු.” කියල දෙන්නා අම්බලමේ එක ළඟම ඉඩ අල්ලගෙන විවේකයෙන් හිටියා.
උද්ධෘත ශතකය. 1
මේ සඳහා මම තෝරාගත්තේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති, ජනප්‍රවාද, හා මෑතකාලීන විසූ සාහිත්‍ය ධරයන්ගේ නිර්මාණයි. මෙහිදී කිසිදු විටෙක මගේ නිර්මාණයක් ඇතුළත් නොකළෙමි.
කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර කෑ හැටි.
උන් වහන්සේ ටිකක් මුඛරියි. මුක්කම් ස්වරූපයකුත් තිබුණා. යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලටත්, වස්කවි වලටත්, ප්‍රසිද්ධයි. කිසිවෙකුට බියක් දැක්වූයේ නැහැ. කිව යුත්ත කීවා.
කොයි ගම යන්නේ?
“ස්වාමීනි මේ නගරයේ මිනිස්සු, නොකළ වරදකට අපට දොස් කියනවා. නගරයේ පිණ්ඩපාතේ යාමටවත් විදිහක් නැහැ. අපි වෙන නගරයකට යමු.”
දොස්තර නෝනා
ඒක තමයි ලෙඩේ. අරක්කු නොබොන අයටත් සිරෝසීස් හැදෙනවාලු. ඇල් කොහොල් නැතිවීමත් සිරෝසීස් හැදෙන්ට එක හේතුවක්ලු. ඒක හන්ද ඔයත් ටිකක් බොන්න.