හකුරු බෑය. අප්පච්චි ගමනක් ගිහින් එනවිට හොඳ හකුරු බෑ දෙකක් ගෙනාවේය. එකක් අම්මා අතට දී, අනෙක ලොකු අයියා අතට දී, “මේක ගෙදර ගෙනියන්න.” යැයි කීවේය. ඔහු යන විට හකුරු බෑයද රැගෙන ගියේය. ලොකු පුතා විවා වී දරු මල්ලන් ලැබ වෙනම ජීවත් වෙයි. අම්මා තම හකුරු බෑයෙන් කොටසක් කුඩා කැබැළිවලට කපා බෝතලයකට දැම්මාය. අනෙක් කොටස කොලයක ඔතා වෙනම තැබුවාය. සවස අම්මයි අප්පච්චියි පුතාලගෙ ගෙදර ගියේ පොඩි උන් බලා එන්නටය. ලේලිය තේකක් වත් කරන්නට සූදානම් විය.
1/2
“සීනි දාන්ට එපා. හකුරු කෑල්ලක් එක්ක බොමු.” අප්පච්චි කීවේය. ඇය ලොකු පුතාගෙ මුහුණ දෙස බැලුවාය. “ඇයි හකුරු නැද්ද? නැත්තං තේ බොමු.” ඔවුන්ගේ වෙනස තේරුම් ගත් අප්පච්චි ඇසුවේය. “මං කිව්වා තේ බොන්ට තියමු කියල. ඒත් අප්පයි පුතාලයි එකතු වෙලා ඔක්කොම බෙදාගෙන කෑවේ”. “ඉතිං අම්මටත් දීලනේ අපි කෑවේ.” ලොකු පුතාගෙ ලොකු එකා කීවේ කාටත් උත්තර නැති වෙන්නය. ලේලිත් ලොකු පුතාත් පොඩි එකා දෙස රවා බැලූහ. “හකුරු එහෙම කන්න එපා. දත්වලට හොඳ නැහැ.” අප්පච්චි වෙන මුකුත් කීවේ නැත.
2/2