බොරුවක්ද සිරෝසීස්
1/6
“ඇයි මේ? මං මේව පාවිච්චි කරන්නේ නැහැ කියල දන්නේ නැද්ද.?” “නැහැ අනේ. ඔය ඩිංගක් බීවට කමක් නැහැ. අර ඉස්කෝලෙ මහත්තයාත් මැරිලා තියෙන්නේ සිරෝසීස් හැදිලා.” “එයාට කොහොමද සිරෝසීස් හැදෙන්නේ. එයා ජීවිතේටම ඔය කිසිම මත්පැන් වර්‍ගයක් පාවිච්චි කළේ නෑනේ.” “ඒක තමයි ලෙඩේ. අරක්කු නොබොන අයටත් සිරෝසීස් හැදෙනවාලු. ඇල් කොහොල් නැතිවීමත් සිරෝසීස් හැදෙන්ට එක හේතුවක්ලු. ඒක හන්ද ඔයත් ටිකක් බොන්න.” “මොන බොරුවක්ද. කවුද ඔයාට එහෙම කතාවක් කීවේ?.” “එතැන හිටපු මිනිස්සු තමයි කතා උනේ.” “මිනිස්සු මොනව කතා උනත් මේව ශරීරෙට හොඳ දේවල් නෙවේ. ඔයා බණ්ඩට කියල ගෙන්න ගත්තේ මේවද?.” “”ඔව්.
2/6
“මේක බණ්ඩටම දීල දාන්න.” “එහෙම කරන්න එපා ඒයි. ඔයා මේක ටික ටික බොන්න. මේස හැන්දක් විතර බීවට ගානක් නෑනේ. නැත්තං ඔයාටත් සිරෝසීස් හදෙයි.” “හරි, එහෙනම් ඔයත් බොන්න ඕන. නැත්තම් ඔයාටත් සිරෝසීස් හැදෙන්න පුලුවන්නේ.” බිරිඳ මගේ මුහුණ දිහා බලන් හිටියේ විමතියෙනි. “එතකොට මටත් ඇල් කොහොල් නැති උනොත් හැදෙනවද?” “ඔයා කියන විදිහටනම් හැදෙන්න පුලුවන්. මොකද ඔයත් මනුස්සයෙක්නේ.” “අයියෝ එතකොට මොකද කරන්නේ?” “ඔයා ඉක්මන් වෙන්න එපා. ඕක පැත්තකින් තියල තියන්න. තව ටිකකින් සුමුදු ඩොක්ටර් මෙහෙ එනවා කීවා. අපි එයාගෙන් අහල බලමු.” බිරිඳ එතැනින් ඉවත් වූයේ මුහුණ ඇඹුල් කරගෙනය.
3/6
මා කෑම මේසයෙන් නැගිටීමටත් පෙර සුමුදු ආවේය. “එන්න එන්න. මේ මතක් කළා විතරයි. කෑම ටිකකුත් කාලම කතා කරමු.” “අනේ තැන්ක් යූ වෙරි මච්. මමත් මේ දැන් කාපු ගමන්.” ඔහු කුස පිරිමදිමින් කීවේය. “එහෙනම් කෙසෙල් ගෙඩියක් කමු.” “හැම එකක්ම බෑ කියන්න බෑනේ. කමු.” ඔහු කෙසෙල් ගෙඩියක් කඩාගෙන එතැන පුටුවේම වාඩි විය. “ස්වර්ණා අර ‘සිංහල මහාවංසෙ’ ගෙනත් දෙන්නකෝ. මගේ පුස්තකාලෙ මේසෙ උඩ ඇති.” ඇය පොත ගෙනවිත් දුන්නාය. “ඔය පොතේ උපග්‍රන්ථයේ තියෙනවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හැම ආණ්ඩුකාරයෙක් ගැනම. පුතාට ඒ ගැන කියව ගන්න කියන්න.”
4/6
“ආ මේ මම ඔයාගෙන් යමක් දැන ගන්නයි හිටියේ.” “ඒ මොකක්ද.?” “අපේ වයිෆ් අද අරක්කු වගයක් ගෙනත්. ඒකෙන් චුට්ටක් මට දීල කියනවා, ඒව සිරෝසීස්වලට හොඳයි බොන්න කියල. අර මරණපොලේදී කවුදෝ එයාට කීවලු.” “සිරෝසීස්වලට මූලිකම හේතුව තමයි අරක්කු. අක්මාවෙන් සීයට හැත්තෑවක් විතර විනාශ උනාම ඒක සිරෝසීස්වල උච්චතම අවස්ථාව. සමහර අයට අක්මාවේ මේදය අධික ලෙස තැන්පත් වීම නිසාත් සිරෝසීස් හැදෙන්න පුලුවන්. එහෙම අයට ඇල් කොහොල් දුන්නොත් තවත් රෝගය උත්සන්න වෙන්න පුලුවන්. සිරෝසීස් වලක්වා ගන්න කියල ඇල්කෙහොල් පාව්ච්චියට හුරු කිරීම නම් අනුමත කරන්න බැහැ.” “කොහොමත් වෛද්‍ය උපදේසවලින් බැහැරවෙලා එක එක්කෙනාගේ මති මතාන්තරවල එල්බ ගන්න එපා. ඇල් කොහොල් ශරීරයට අවශ්‍යවන තැනුත් තියෙනවා. ඇල් කොහොල් හීනවීම නිසා හැදෙන සිරෝසීස් ලක්ෂණත් තියෙනවා. ඒත් ලක්ෂ ගානකට එකක් වගේ. ඒ වගේ වෙලාවට වෛද්‍යවරු ඒක නිර්දේශ කරාවි.” “අනේ තැනක් යු සුමුදු.”
5/6
“ඔයාගෙ පොත සති දෙකකින් විතර ගෙනවිත් දෙන්නම්. ගොඩක් ස්තුතියි. මම ගිහින් එන්නම්.” ඔහු පුටුවෙන් නැගිටිමින් කීවේය. “ඔයා ‘දොස්තර නෝනා’ කෙනෙක් වෙන්න ඕන නැහැ. ඇහුනනේ සුමුදු කියපු දේ. එෆ්. බී. එකෙයි, යූ. ටියුබ්. එකෙයි තියෙන බේත් කරන්න පුරුදු වෙන්න එපා. වෙන වෙන අත්හදා බැලීම් කරාට කමක් නැහැ. ඒත් ජීවිතත් එක්ක අත්හදා බැලීම් කරන්න එපා.” “ඒක තමයි. මේ බෝතලේ බණ්ඩටම දීල දානවා.” බිරිය බෝතලය කුස්සිය පැත්තට රැගෙන ගියාය.
6/6