අප්පච්චි පුංචි පුතාව පන්සලේ පහන්ගෙට එකතුකරන් ගියා. පහනක් නිවෙන්ට ඔන්න මෙන්න. “අපි මේකට තෙල් ටිකකුයි තිරේකුයි දාමු. ආපහු හොඳට පත්තු වේවි.” දෙන්නම එහෙම කළා. නිවීගෙන ගිය පහන ආපහු එළිය දෙන්න පටන් ගත්තා. “දැන් හරි. හදිසියේ හුළඟක් ආවෙ නැත්තං, තව ටික වෙලාවක් පත්තුවේවි. අප්පච්චි කීවා.
1/1