අත්තගෙ ආලේ. අත්තම්මා උදේ ඉඳලම ලොකු අත්තත් එක්ක හිත හොඳ පාටක් පෙන්නුවේ නැත. මම හිමීට ලොකු අත්තා ළඟට කිට්ටු වීමි. “ඇයි ලොකු අත්තේ අත්තම්මා ටිකක් නොරොක් වෙලා වගේ?” ලොකු අත්තා බුලත්විට අනෙක් හක්කට මාරු කර ගත්තේය. වට පිට බැලුවේය. මදක් සිනා සුනේය. “උන්දෑ මගෙන් සල්ලි වගයක් ඉල්ලුවා. මං කීවා මගේ ළඟ සල්ලි නැහැ. උඹලගෙන් ඉල්ල ගන්නය කියල.” “ඉතිං මොකටද අත්තම්මට සල්ලි. බේත් හේත්, කන්ට, බොන්ට, ඇදුම් කැඩුම්, ඔක්කොම අපි ගෙනත් දෙනවනේ.” “උන්දැට ඕනලු පොඩි එකාගේ උපන් දිනේට මොනව හරි ගෙනත් දෙන්න.”

1/2

“අහවල් එකක්. අප්පච්චිලාත් අපි දෙන එකකින්නේ ජීවත් වෙන්නේ.” “ඕක උන්දෑ තේරුම් ගන්නේ නැහැ. මං තියාගෙන දෙන්නේ නැහැ කියලයි හිතන්නේ.” “අප්පච්චි ඕක හිතේ තියා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ සල්ලි අත්තම්මට දෙන්න. මං දුන්නා කියන්න එපා.” කියා රුපියල් දාහේ කොල දෙකක් ලොකු අත්තා අත තැබීමි. මම එතැනින් ඉවත් වීමී. “ඒයි.” ලොකු අත්තා අත්තම්මාට හිසින් කතා කළේය. ඈ ඔහු ළඟට නාවාය. ලොකු අත්තා ඇය දෙසට මිට මෙළවුවේය. ඇය සෙමින් ඔහු වෙත ආවාය. ලොකු අත්තා ඇයට රුපියල් දෙදහ දුන්නේය. “ඒක හොඳයි. දැන්ම කඩේට ගිහින් මොනව හරි පොඩි එකාට ගෙනත් දෙන්න ඕන. නැත්තං මේක වියදම් වේවි. ඇය මඳ සිනාවක් පා එම මුදල හැට්ටය තුළ සඟවා ගත්තාය

2/2

- ආනන්ද මාරසිංහ -