මාතෘ උපහාරය දස එකඩ මස ගෙවී සිදුවීය උපත පුතු ඉනික්බිති ලැබූ දෑ මෙලෙස මම අත් හළෙමි. සියලු දුක් වේදනා විසි කළෙමි අහස් කුස තරු විලස විසිරිලා පටන් ගති හිනහෙන්ට. කඳුළු බිඳු එකතු කර විසි කළෙමි අහස් කුස වැසි ලෙසින් එය යළිත් සෙත සැදී වැසියන්ට. දුක් සුසුම් එකතු කොට විසි කළෙමි අහස් කුස

1/2

පවන ලෙස හමා විත් සෙත සැදී එය ලොවට. කෙඳිරිල්ල හා ඉකිය විසි කළෙමි අහස් කුස විහඟ කූජන ලෙසින් එය රැඳුනි වන වදුළ. ගත වැකුණු ඩා බින්දු විසි කළෙමි අහස් කුස කුසුම් ලෙස යළි ඇවිත් පොබ කළා තුරු වදුල. රුහිරු ගඟ ගලා ගිය විසි කළත් අහස් කුස හේන් කෙත් ගහ වැලෙන් ලැබුණි ලෙස අස්වැන්න.

2/2

- ආනන්ද මාරසිංහ -