අම්මගේ වග අප්පච්චි ආවා කවි ගී සින්දු කීවා අත්පුඩිත් ගැසුවා හැමදෙනා එකතුවී නැටුවා. අම්මාම ඉව්වා ලොකු පිඟානක් බෙදුවා දෙපැත්තෙන් සිටුවා අනා බත් ගුලි අපට කැවුවා. “මේ කට මේකට” “මේ කට මේකිට” කියමින් කට කට කැව්වා හැමෙකට. රස නහර පිනවා තව තව අපට කැව්වා කට වටේ එව්වා පිටි අතින් පිස හරිද බැලුවා. කෑවාම මෙව්වා ලොකු වෙනවාය කිව්වා රසකතා කිව්වා සුර ලියෝ ඉදිරියේ මැව්වා. ලස්සන වෙනන් නම් කන්න ඕනෑ මැල්ලුම් හයිය එන්නට නම් කන්න ඕනෑ හාල් මැස්සන්.

1/2

හොඳින් දිරවන්නට ඕනෑ හපල කන්නට හඬ නගා කන්නට එපා අප්පිරියයි බලන්නට. කෝ බලන්නට බඩ තව තියෙනවනෙ එහි ඉඩ බලා බඩ ඉඩකඩ කවා ඇසුවා පිරුනනෙ බඩ? මොනව හරි කියලා බත් පිඟානම කවලා හිසත් අතගාලා යන්නෙ මගෙ හොඳ පුතා කියලා. ඒ අත් ගුණේටම උස් මහත් වූවා මම ඒ නිසා හැමදම වඳිමි අම්මට බුදුන් විලසම.

2/2

- ආනන්ද මාරසිංහ -