ගමේ සිරි. සිරිසාරයි මනහාරයි ලස්සන අපෙ ගම අලුත් පණක් ගෙන දෙනවා හුළඟක් වැදුනම. කඳුවැටි මුදුනත සිප සුදු සේලෙන් සැරසුන මිහිදුම් කුමරිය වඩිනව සුරඹුන් විලසින. ගඟුළැල්ලේ දැඟළිල්ලේ හඬ කන වැකෙතෙයි කොලු පැටියෝ ඉපණැල්ලේ චක්ගුඩු අදිතෙයි. ඈත ළමා වසු පැටියෝ සතුටින් නටතී දාංගලය දැක අම්මල දෙසවන් සලතී. ඕවිට ළඟ බඩ වැටියේ කැදැල්ලෙ ලස්සන රෝස පැහැති මුව දල්වන පැටියෙකි ලස්සන.

1/2

පේනවාද සුපිපුන මල් පිණ්ඩපාත දෙයි ඇහෙනවාද මී මැසි පෙළ කාටත් පිං දෙයි. අම්බරුවන් දක්කාගෙන ගොවියෙක් මතුවෙයි කැකිරි පැලෙන කොමළ සිනා පැලෙකින් ඇසෙතෙයි. දෙවැට දිගේ වළි කුකුළෝ වන්නම් නටතෙයි ඇවිදින් රිළවුන් කයියක් වැල බරු ගසතෙයි. දඬු ලේන්නු කජු පුහුලම් හප හප බලතී විළිකුන් ගස් ලබු ගෙඩියක් මයිනෝ බුදිති. ආයෙත් යන්නට ආසයි එගමට හෙටදින එනමුත් සැකයක් තියෙනව ඇති දැයි ඒ තැන.

2/2

- ආනන්ද මාරසිංහ -