පින් කෙත. සංසාර මහ වනේ තෘෂ්ණාව මහ පඳුරු උදුරලා අස්සැද්දු පින් කෙතේ මහතුටින් සැරි සැරිමි. දම්වතුර ගලාවිත් රැදෙන සේ වට නියර ඉන් නියර තරකළෙමි උස් තැනින් මිටි තැනින් නියර බැඳ සැකසුවෙමි. එකින් එක නියරමත දහම් දිය අනෙකටත් ගලන්නට ඉඩ තබා වක්කඩත් සැකසුවෙමි.
1/3
බිම්හීය මඩහීය සා දෙසී පෝරු ගා බැඳ වතුර ලියදි වෙන වෙනම මුත් සම බවින් සැකසුවෙමි. වැපිරුවෙමි පින් බීජ බැඳිමි වට දිය පහර පින් බීජ මුල් ඇදී කොලපාට වී වැඩිනි. විටින් විට මතුව ආ තුන්හිරිය කුඩ මැට්ට වල්පැළෑටිත් සමග මී ගුල්ද නැති කළෙමි. කුළු හරක් සකළයන් සිවු දෙසින් ආ නමුත් නසන්නට ඉඩ නොදී දෑස මෙන් රැක ගතිමි.
2/3
අපූරුයි අපූරුයි දැන් ගොයම පැසී ඇත කාලෙ හරි දන් දෙන්න පින්තකා දන් දෙන්න. පින්වතුනි පැමිණෙන්න සකලයිනි පැමිණෙන්න කැමැති ලෙස ඇති තරම් වළදන්න සැන සෙන්න.
3/3