දූරු සතක් දන් දුන්නා අප්පච්චී ඒ අය තවම කඹුරනවා අප්පච්චි වෙසතුරු රජුට වැඩි ගානයි අප්පච්චි මතුදින නුඹත් බුදු වෙනවා අප්පච්චි. වාන් පතුල් පයලාගෙන අප්පච්චි පාන්දරින් හේනට ගිය අප්පච්චි හීන් සරින් සී පද කී අප්පච්චි ශාන්තියකි නුඹ ගමටම අප්පච්චි. ලන්දේ කැලේ ඇනගන ගල් බොරළු කැට වින්දේ දුකම සැප දීමට දරුවනට ඇන්දේ කෑවෙ නැත එය දුන්නෙත් අපට වැන්දේ බුදුන් ලෙස ඒකයි නුඹෙ නමට
1/1