රංගිරිපාය විහාරස්ථානය. ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහ විහාරයේ තේවාව භාරව පන්සල් හතරක් වැඩ කරයි. උන් වහන්සේලා වළගම්බා සමයේ සිට පැවතෙන සංඝ පරම්පරාවක් නියෝජනය කරති. ඉන් එකක් වන්නේ ‘ඉහළ පන්සල’ හෙවත් ‘රංගිරිපාය’ විහාරස්ථානයයි. රංගිරිපාය විහාරස්ථානයට තේවා කටයුතු භාරව ඇත්තේ මහ අලුත් විහාරයේය. මහ අලුත් විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකරන ලද්දෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් විහාරයේ තේවා කටයුතු හා භාරකාරත්වය සන්නසකින්ම පවරා දෙනු ලැබුවේ එවකට සියම් මහ නිකායේ, අස්ගිරි විහාර පාර්ශ්වයේ, මහානායක ධුරය දැරූ, ශ්‍රීමත් පොතුහැර ශ්‍රී රතනපාල ස්වාමින් වහන්සේටය. එසේම එම සන්නසින්ම පොතුහැර සඟපරපුරට අනාගතයේදීද එහි භාරකාරත්වය හා තේවා කටයුතු කිරීමේ අයිතියද පවරා දුන්නේය. එම සන්නසට අනුවයි, මෙම විහාරස්ථානයට විහාර තේවාවන් භාරවී ඇත්තේ. දඹුල්ල නගර සභා බල ප්‍රදේශයට අයත් මෙම විහාරස්ථානය, මෙම ස්ථානයෙහි ස්ථාපනය කර ඇත්තේ 1947 දීය. ඊට පෙර මෙම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළේ, දැනට ‘රජ මාවත’ ලෙස හැදින්වෙන මාර්ගය අසල ඇති ගල් ලෙන් දෙකකය. එක ආසන්නයෙහි පිහිටි එම ගල් ලෙන් අදත් නටබුන් වශයෙන් ‘මැද පන්සල’ට ඉහළින් ශේෂව තිබේ. ‘’රංගිරිපායෙහි ප්‍රථම විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළේ කළුන්දෑවේ ගුණානන්ද හිමිපාණෝය. ඒ නිසා එදා මෙම විහාරස්ථානය හැදින්වූයේ ‘කළුන්දෑවේ පන්සල’ ලෙසය. අදත්
1/3
වැඩිහිටියෝ මෙම පන්සල හඳුන්වන්නේ ‘කලුන්දෑවේ පන්සල’ නමිනි. රංගිරි දඹුල්ල රජමහ විහාරස්ථානය ආසන්නයේ පිහිටීම නිසා ‘රංගිරි’ යන්නත්, දිව්‍ය ප්‍රාසාදයක්, පහයක්, වැනි නිසා ‘පාය’ යන වදනත්, එක් වී ‘රංගිරි පාය’ යන නම මෙයට භාවිතා කර ඇත. 1903 දී උපන් කලුන්දෑවේ ගුණානන්ද හිමියන් පැවිදි වී ඇත්තේ 1917 දීය. ගුරුවරයා වූයේ ඇඹුල්අඹේ ස්වර්ණජෝති හිමිපාණන්ය. 1923 දී උපසම්පදා වී ඇති අතර, ඇරෑවුල ආනන්ද අනුනායක හිමියන් උපාධ්‍යාය ලෙසද, උඩුපිටියේ සුමංගල හිමියන් කර්මාචාර්ය ලෙසද කටයුතු කර ඇත. ‘කලුන්දාවේ පන්සල’ යන නම සැදැහවතුන් අතර ප්‍රචලිත වූයේ උන් වහන්සේගේ සාසනික මෙහෙවර නිසාමය. කලුන්දාවේ ගුණානන්ද හිමිගෙන් පසුව පණ්ඩිත, ශාස්ත්‍රවේදී, ඇඹුල්අඹේ ඛේමානන්ද නාහිමිපාණනුත්, කුඹුක්කඳන්වල ධම්මානන්ද හිමිපාණනුත්, ශාස්ත්‍රවේදි, කුඹුක්කඳන්වල නන්දවිමල හිමිපාණනුත් මෙහි විහාරාධිපතිත්වය දරා ඇත. වර්තමාන විහාරාධිපතිත්වය උසුලන්නේ හැළඹගහවත්තේ සීලානන්ද හිමිපාණන්ය. උන් වහන්සේ දඹුල්ල අවට තවත් ආරාම නවයක විහාරාධිපතිත්වයද දරණ ක්‍රියාශූර තරුණ හිමිනමකි. (එම විහාරස්ථාන වන්නේ, රංගිරිපාය විහාරය,කුඹුක් කඳන්වල ගුණානන්දනාරාමය, අගුණවැල් පැළැස්ස මහසෙන් විහාරය, කලෝගහඇළ ගුණානන්දනාරාමය, ඇරෑවුල හන්දිය පුණ්‍ය වර්ධනාරාමය, නාවාගස් හීන්න මෙත්සිරිපාය. කලුන්දෑව පුරාණ විහාරය, ලේනව ශෛලබිම්බාරාමය, කැප්ඇල ශ්‍රී ධම්මානන්දාරාමය, ) සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් මෙම ආරාමය දඹුල්ල නගරයට කිලෝ මීටර් දෙකක් දුරින් රංගිරි දඹුලු ලෙන් විහාරයේ බටහිර බෑවුමෙහි පිහිටා ඇත. කොළඹ පාරෙන් එන්නෙකුට දඹුල්ල උසාවිය හන්දිය අසල ‘පිරිවෙන පාරේ’
2/3
කිලෝමීටරයක් පමණ ගියවිටද, මාතලේ සිට පැමිණෙන්නකුට දඹුල්ල විහාර හන්දියෙන් පිරිවෙන පාර දිගේ කිලෝමීටරයක් වම් අත පැත්තට ගමන් කිරීමෙන්ද රංගිරිපායට ළඟාවිය හැකිය. බෞ.කො/ විහාදේ/05/06/034/ යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වී ඇති අතර දැනට විහාරස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා හය නමක් වැඩ වාසය කරති. මුල් වකවානුවෙහි රංගිරි දඹුලු ලෙන් විහාරයට සම්බන්ධ තේවා පන්සල් සතරේම විහාරය එකක් වීම නිසා ඒ ඒ ආරාම වල විහාර දාගැබ් ඉදි නොවීය. එහෙත් පසු කාලයේදී ඒ තත්වය වෙනස් විය. ඒ අනුව මෙම විහාරස්ථානයේද බුදු මැදුරක්, දා ගැබක්, බෝධියක්, හා ධර්ම ශාලාවක් ඉදිවිය. අද එය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු කාරණයක් වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ස්ථානයට අංග සම්පූර්ණ සංඝාවාසයක් හා මුලුතැන් ගේ සහිත දානශාලාවක් සකස් කර දී තිබීමය. ඔවුනට ඒ සදහා කෘතවේදිත්වය පිරිනැමිය යුතුය. ගොඩ මඩ ඉඩකඩම් විහාරය සතුව ඇති අතර, ජලය විදුලිය මාර්ග ආදී යටිතල පහසුකම්වලින්ද සම්පූර්ණය. දඹුල්ල විහාරය වන්දනා කරගැනීමට පැමිණෙන වන්දනා නඩ සදහා විශ්‍රාම ශාලා පහසුකම් එහි සලසා ඇත. මෙහි සිට ලෙන් විහාරයට ඇත්තේ මීටර් 200 තරම් දුරක් නිසා බොහෝදෙනා පෙරදින සවස පැමිණ, පසුදා උදෑසන දඹුලු විහාරයේ අලුයම කිරිආහාර පූජාවට සහභාගිවන්නේ මේ විහාරස්ථානයේ නැවතී සිටය. විහාරස්ථානයේ කටයුතු කරගැනීමේදී දායක සභාව තමන්ගේ යුතුකම් කොටස ඉටු කරනු ලබයි. දහම් පාසැල මගින් දායකයන්ගේ දරුවන්ගේ ධර්මඥාණය වර්ධනය කිරීමට කටයුතු කරනු ලබයි. මෙම කටයුතු ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම සදහා ගෞරවණීය හැළඹගහවත්තේ සීලානන්ද හිමිපාණන්ට ධෛර්යය හා ශක්තිය ලැබේවායි පතමු.
3/3