රොබට් නොක්ස් දුටු නඩු තීන්දුවක්. රොබට් නොක්ස් යනු මහනුවර රාජධානි සමයෙහි රජුගේ අත් අඩංගුවේ සිටි ඉංග්‍රීසි ජාතිකයෙකි. අත් අඩංගුවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 19 කි. අවුරුදු 19 ක්ම අත් අඩංගුවේ සිටි ඔහු නිදහස්වන විට වයස අවුරුදු 39 කි. සිරකරුවෙකු වුවත් ඔහු සිටියේ එළිමහන් සිරකරුවෙකු ලෙසය. ඒ නිසා ගැමියන් සමග විසීමට අවසර ලැබුණි. ගමෙන් පිටතට යාමට ඔහුට ඉඩ නොලැබුනි. මේ කාලය ඇතුළත ඔහු ඇසූ දුටු දේ එකතු කරමින් පොතක් ලියුවේය. (An Historical Relation of the Island of Ceylon. ) ‘එදා හෙළදිව’ නමින් සිංහලට පරිවර්තනය වූ එහි සදහන් එක් කතා පුවතකි මෙහි දැක්වෙන්නේ. (එවක, අධිකරණ නිළධාරියාගේ විනිශ්චය හෝ දෙවියන්ගේ විනිශ්චය හෙවත් ‘දිව්රීම’ යන දෙකෙන් එකක් තෝරාගැනීමට සුලු වැරදි කරන්නන්ට අවසර තිබුණි. දිව්රීම සඳහා යම් යම් ස්ථාන තිබූ බවද සඳහන්වේ)) එක්තරා මිනිසෙක් වෙළෙන්දෙකුගේ නිවසින් බඩු වගයක් සොරකම් කළේය. වෙළෙන්දා සොරා අල්ලා අධිකරණයට යොමු කළේය. තමන් සොරකම් නොකළ බව ඔහු කීයේය. එසේ නොකළ බවට දිව්රීමට ඔහුට සිදුවිය. ඔහු සොරා බව දිව්රීමට වෙළෙන්දාටද සිදුවිය. නියමිත දවසේදී දෙදෙනාම අදාළ ස්ථානයට පැමිණියහ. දෙදෙනාම දිව්රීය. තමන් සොරා නොවන බවට සොරා දිව්රූ අතර, ඔහු හොරා බවට වෙළෙන්දා දිව්රීය. විනිස කරුට ඉන් එහා කළ
1/2
හැක්කක් නොවීය. ‘සියල්ල දන්නා දෙවියෝ වැරදි කරුට නිසි දඩුවම් දෙත්වා’යි පැවසූ විනිසකරු එතැනින් ඉවත් විය. සොරා එදින රාත්‍රී, කාටත් හෙරෙන් වෙළෙන්දාගේ ගෙට ගිනි තැබුවේය. ඒ ගිනි ගැනීම සිදුවූයේ වෙළෙන්දා වැරදි කරු නිසා යැයි ජනයා අතර ප්‍රසිද්ධ විය. දෙවියන්ගේ තීන්දුව අනුව, වෙළෙන්දා සොරාට සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි ගෙවිය යුතු විය. එහෙත් තමන් නිවැරැදි කරුවූ හෙයින්, වෙළෙන්දා එය ප්‍රතික්ෂේප කළේය. එසේනම් වෙළෙන්දා හෝ ඔහුගේ ඥාතියෙක් අල්ලාගෙන තමන්ගේ නිවසේ වැඩට ගන්නා ලෙසට, සොරාට විනිසුරුගේ අනුමැතිය ලැබුණි. වෙළෙන්දාගේ ඥාතියෙකු ඇල්ලීමට ගොස් සොරාට පිහියෙන් ඇන, ඥාතියා පලා ගියේය. වෙළෙන්දාද අධිකරණ නිළධාරීන්ට අල්ලස් දී බේරුනේය. එහෙත් තමන්ට සිදුවූ පාඩුව විඳ දරා ගැනීමට ඔහුට සිදුවිය. ගැමියා හොරා බව නොක්ස් සහසුද්දෙන්ම කියන්නේ, එසේ සොරකම් කළ භාණ්ඩ තමන්ට විකිණීම සඳහා ඔහු ගෙනා බව පවසමිනි. (නීතිය හා යුක්තිය කෙතරම් සාධාරණදැයි මෙහිදී ගැටලුවක් මතුවේ. එසේම දෙවියන් කෙරෙහි පවත්නා භක්තිය හා විශ්වාසයද අවභාවිතා වන අයුරු මෙහිදී අඟවා තිබේ.)
2/2