චූටි හාමුදුරුවන්ගෙයි, චූටි දැරියකගෙයි, කතාවකට විශාඛා මහ උපාසිකාව පොඩි හාමුදුරුවන්ට අවවාද කළා. පොඩි හාමුදුරුවෝ ඒකට එරෙහි උනා. ඊට පස්සෙ ලොකු හාමුදුරුවෝත් මැදිහත් වෙලා. පොඩි හාමුදුරුවන්ටම අවවාද කළා. “ඇයි මටම දොස් කියන්නේ? මේකේ සාධාරණයක් නැහැ.” පොඩි හාමුදුරුවෝ කීවා. අවසානයේ මේක බුදුහාමුදුරුවෝ ළඟටත් ගියා. උන්වහන්සේ මේක විභාග කළා. “ස්වාමීනි, මම විශාඛාවන්ගේ මේ දැරිය සමග සිනාසුනා. ඇයි තට්ටයා මාත්එක්ක හිනාවෙන්නේ?” කියලා බැන්නා.” “එහෙමයි ස්වාමීනි. මගේ මිණිපිරිය මේ පොඩිහාමුදුරුවන්ට එහෙම කියල තියෙනවා. පොඩි හාමුදුරුවන්ගේ හිස මුඩු කරල තියෙන නිසා, එහෙම කීවට වැරැද්දක් නැහැනේ ස්වාමීනි.” විශාඛා දැරිය වෙනුවෙන් කතා කළා. ලොකු හාමුදුරුවෝත් හිස වනා ඒ අදහස අනුමත කළා. “ඒක වැරදියි විශාඛා මහෝපසකාවියනි. මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හැම දෙනාම හිස මුඩු කරගෙනයි සිටින්නේ. ඒත අපේ විනයානුකූල එකගතාවයක්. ඒ නිසාම ඔහුට ‘මුඩුමහණා’ හෝ ‘තට්ටයා’ යනුවෙන් අවඥා සහගතව කතා කිරීම සුදුසු නැහැ.” “ඒ ඒ වෘත්තිකයන් ඊට අදාල ඇඳුම් පැළඳුම් හා උපකරණවලින් සමන්විත වෙනවා. ගොවියා අඳින ඇඳුම අනුව ඔහු පහත් කර කතාකළ යුතු නැහැ. සෙබලා අත දරා සිටින ආයුධය අනුව ඔහු පිරිහෙලා කතා කළ යුතු නැහැ.අනෙකුත් වෘත්තිකයන් හා සේවා සපයන්නනුත් එහෙමයි. ඒ නිසා මගේ ශ්‍රාවකයන් වහන්සේලාට එසේ ආමන්ත්‍රණය කිරීම සුදුසු මදි.” බුදුහාමුදුරවෝ දේශනා කළා. “ස්වාමීනි, දැරිය වෙනුවෙන් ඔබ වහන්සේගෙනුත්, පොඩි හාමුදුරුවන්ගෙනුත් සමාව ඉල්ලනවා.” විශාඛා කීවා. පුංචි හාමුදුරුවන්ගේ මුහුනේ සිනා මලක් පිපුනේ ඊට පස්සේ.

1/1

- ආනන්ද මාරසිංහ -