කොසොල් රජු දුටු හීන. මිනිස්සුන්ට හීන පේන එක වලක්වන්න කාටවත් බැහැ. අපේ බෞද්ධ සාහිත්‍යයේ ඒ වගේ දැකපු සුප්‍රසිද්ධ හීන කීපයක් තියෙනවා. සිදුහත් කුමාරයා උපදින්ට ඉස්සරවෙලා මහාමායා දේවිය දැක්ක හීනය එකක්. සිදුහත් කුමාරයා බුදුවෙන්න ඉස්සර වෙලා දැක්ක හීන තව එකක්. උම්මග්ග ජාතකයේත් මහෝෂධ කුමාරයා උපන්න දවසේ වේදේහ රජ්ජුරුවෝ දැකපු හීනය තවත් එකක්. වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රී බිසව දැක්ක හීනය තව එකක්. ඔය වගේ සුප්‍රසිද්ධ හීනයක් තමයි, කොසොල් මහ රජතුමා දැකපු හීන දහසය. කොසොල් රජ්ජුරුවෝ දැකපු හීනේ විශේෂත්වය වන්නේ ඒක එකම හීනයක් නෙවේ, හීන දාසයක් වීම. අපිට සමහරවිට එක හීනයක් පෙනිලත්, ඒක උදේ වෙනකොට අමතක වෙනවානේ. ඒත් රජ්ජුරුවන්ට මේ හීන දාසයම මතක තිබුණා එළිවෙනකොටත්. රජතුමා පාන්දරම තමන්ගේ දෛවඥ බමුණන් ගෙන්නුවා. තමන් දුටු හීන දාසයම ඒ අයට කීවා. ඒවායේ තේරුම කුමක්දැයි ඇහුවා. ඒ අයටත් ඒ හීනවල තේරුම හිතාගන්න බැරි උනා. ඒ අය අතේ ඇඟිළි නව නවා ගණන් හැදුවා. ඒත් හිතා ගන්න බැරි උනා.
01/17
දැන් මොනවා හරි කරන්නත් ඕනෑ. නැත්නම් තමන්ගේ දෛවඥකමටත් කැළලක්. ඔවුන් එකිනෙකා එකිනෙකාගේ මුහුණ බැලුවා. හැමදෙනාම අමාරුවේ වැටී ඇති බව ඒ අයට තේරුණා. නායක දෛවඥවරයා කටහඬ අවදි කළා. “දේවයන්වහන්ස, මෙය ඉතාමත් භයානක අන්තරාවක පෙරනිමිත්තක්. මෙයින් එක්කෝ ඔබ වහන්සේගේ රාජ්‍යය අනතුරට පත්වෙනවා. නැතහොත් ඔබ වහන්සේගේ සියලුම වස්තු විනාශයට පත් වෙනවා. එසේත් නැතහොත් ඔබ වහන්සේගේ ජීවිත හානිය සිද්ධ වෙනවා.” “අහෝ, මෙයින් ගැලවීමේ උපක්‍රමයක් ඇත්තේම නැද්ද?” “තිබේ දේවයන් වහන්ස. ඒ සඳහා ‘සර්‍ව චතුෂ්ක’ නම් යාගයක් කළ යුතුයි.” “ඒ කුමක්ද පඬිවරුනි.” “දේවයන් වහන්ස, මෙලොව වාසය කරන සියලුම සත්ව වර්ගයන්ගෙන්, එක් වර්ගයකින්, සතර දෙනා බැගින් ගෙන, මහා
02/17
යාගයක් පැවැත්විය යුතු වෙනවා. එයද පැවැත්විය යුත්තේ රාජාංගන පරිශ්‍රයේමයි.” “හොඳයි, ඒ සඳහා සියලුම කටයුතු සම්පාදනය කරන්න මහ ඇමැති. ඔවුනට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්න.” රජු මහ ඇමැතිට නියෝග කළා. පසුදා මල්ලිකා දේවිය දැක්කා විවිධ සතුන් මාළිගා අංගනයේ බැඳ සිටිනවා. ඔවුන්ගේ කෑ ගැසීම මහා කරච්චලයක් බවට පත්වී තිබුණා. ඝෝෂාවක් බවට පත්ව තිබුණා. අපා, දෙපා, සිවුපා, බුහුපා, සියලු දෙනාගෙන්ම සිවුදෙනා බැගින් ඒ සඳහා ඒක රාශී කරගනිමින් සිටියා. “දේවයන් වහන්ස, මේ කුමක්ද කිරීමට සූදානම් වන්නේ.?” මල්ලිකා බිසව රජතුමාගෙන් ඇහුවා. රජතුමා සියලුම විස්තර කීවා. “දේවයන් වහන්ස, මෙසේ සිය දහස් ගණනක් සතුන්ගේ ජීවිත තොර කිරීමෙන් ලබන ශාන්තිය කුමක්ද.? අපි මේ පිළිබඳව බුදුහාමුදුරුවන්ගෙනුත් අහල බලමු. උන් වහන්සේ නිසි පිළිතුරු හා ප්‍රතිකර්මයක් දේශනා කරාවි.” රජතුමා ඒ වචනය පිළිගත්තා. ඒත් යාගයට සතුන් එකතු කිරීම නැවැත් වූයේවත්, ගෙනා සතුන් නිදහස් කළේවත් නැහැ.
03/17
පහුවදා පාන්දරම රජතුමාත්, මල්ලිකා බිසවත්, බුදුහාමුදුරුවන් හමුවීමට ගියා. රජතුමා හා මල්ලිකා බිසව යනවිට බුදුරජාණන් වහන්සේ ආරාමයේ හිටියා. ඔවුන් දැකල ආසනයක වාඩි උනා. දෙදෙනාම බුදුහාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැන්දා. “රජතුමනි, සූර්යෝදයෙන් දෙහෝරාවක්වත් යාමට මත්තෙන් පැමිණියේ යම් ගැටළුවක් නිසා බව හැගේ.” “එසේය ස්වාමීනි. මා පෙර දින රාත්‍රියෙහි තේරුම් ගත නොහැකි, සිහින දහසයක් දුටුවෙමි. එය විසඳා ගැනීමට පැමිණියෙමු.” “එසේය ස්වාමීනි. රජතුමාගේ දෛවඥයන් රජතුමාට යම් කිසි විපතක් වේයැයි මහා යාගයක් සූදානම් කරමින් සිටිනවා.” බිසවත් කීවා. “හොඳයි රජතුමනි. ඔබ තුමා දුටු සිහින එකින් එක, ප්‍රකාශ කරන්න.” “එසේය ස්වාමීනි. මේ එක ස්වප්නයක්.”
04/17
“කලුපාට මහා ගවයන් සතර දෙනෙක් සටන් කරන්න වගේ මහ හඬින් ශබ්ද කරමින්, සතර දෙසින් රාජාංගනයට ආවා. මහජනයා මහසටනක් වෙතැයි එය නැරඹීම සඳහා ඒකරාශී උනා. එහෙත් ඔවුන් බොරුවට ගර්ජනා කොට, සටන් නොකර සතර අතට පළාගියා. මිනිස්සු අපේක්ෂා භංගත්වයට පැමිණ ආපසු නිවෙස්වලටම ගියා. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි.” “රජතුමනි, මෙය අද හෙට සිදුවන්නක් නොවේ. ඔබතුමාගේ හෝ දරුවන්ගේ කාලයේද සිදුවන්නක් නොවේ. අනාගත කාලයෙහි සිදුවන විපත්තියක පෙර නිමිත්තෙකි.” “ඒ කුමක්ද ස්වාමීනි.” “අනාගතයෙහිදී අධර්මිෂ්ඨ පාලකයෝ බිහිවෙති. එසේම මහජනතාවද දහම නොදහම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරති. මේ නිසා ලෝක පාලන දෙවිවරුද කම්පිත වෙති. ඔවුහු කලට වැසි නොවස්වති.” “සමහරවිට වර්‍ෂාව ලැබීමට ආසන්න බව අගවමින් මහා මේඝයෝ නැගෙති. සතර දිසාවෙන් ගොරවාගෙන එති. එහෙත් වැසි නොවසියි. ඔබතුමාට මේ පෙන්වා ඇත්තේ ඒ කාරණයයි. එයින් ඔබ වහන්සේටවත් ඔබ වහන්සේගේ රටටවත් ජනතාවටවත් හානියක් නොමැත.”
05/17
“ඔබ වහන්සේ දුටු දෙවන සිහිනය කුමක්ද.?” “ස්වාමීනි ගස් පොළවෙන් මතුවී, ඉහළට නොගොස් කුඩා කලදීම මල් හටගෙන පළ දරති. එයයි මා දුටු දෙවැනි සිහිනය.” “මහරජතුමනි, ලෝකයෙන් ධර්‍මය වියකී යාමෙන් පසුව, ස්ත්‍රී පුරුෂයන්ගේ රාගාග්නියද වර්‍ධනය වන්නේය. එයින් ඔවුහු ඉතා ලා බාල වියෙහිදීම ආවාහ විවාහ වී දරුවන් වදති. හදති. මේ සිහිනයෙන් පෙන්නුම් කරන්නේ එයයි. එයද ඔබ වහන්සේට අවැඩ පිණිස වන්නෙක් නොවේ. ඔබ වහන්සේගේ වරදක් නිසා සිදු වන්නක් නොවේ.” “ඔබ දුටු තුන්වැනි සිහිනය කුමක්ද රජතුමනි.” “ස්වාමීනි, වැස්සියෝ එදිනම උපන් කුඩා වස්සන්ගෙන් කිරි උරා බොනවා දුටුවෙමි. එය පැහැදිළි කර දෙනු මැනවි.” “රජතුමනි මෙයත් අනාගතයෙහි සිදුවන දෙයක පෙර නිමිත්තෙකි. අනාගතයේ වැඩිහිටියෝ කිසි හව් හරණක් නැති තත්වයට පත්වෙති. දෙමාපියන්ටවත් සලකාගත නොහැකි තත්වයට පත්වෙති.
07/17
“පස්වැනි සිහිනය කුමක්ද රජතුමනි.” “ස්වාමීනි, දෙපසින්ම මුඛ දෙකක් ඇති, ඒ මුඛ දෙකින්ම අනුභව කරන, අශ්වයෙක් දිටිමි.” “රජතුමනි, මෙයද අනාගතයෙහි සිදුවන දෙයක පූර්ව නිමිත්තෙකි. අදැහැමි පාලකයෝ අධිකරණ කටයුතුවල නුසුදුස්සන් යොදවති. එහිදී ඔවුහු ආත්මාර්‍ථය පිණිසම කටයුතු කරති. අධිකරණයේ සාධාරණය ඉටු නොකරති. චුදිත, චෝදක දෙපක්ෂයෙන්ම අල්ලස් ලබා ගනිති. එය හරියට මුඛ දෙකින්ම කන අශ්වයන් වැනිය. එහෙයින් එයද ඔබ වහන්සේට අවැඩ පිණිස වන්නක් නොවේ.” “මහරජතුමනි ඔබ දුටු සයවැනි සිහිනය කුමක්ද?” බුදුහාමුදුරුවෝ ඇහුවා. “මහජනතාව විසින්ම ලක්ෂයක් වටිනා රන් තලියක් එළිමහනේ තබා මෙහි මුත්‍රා කරවයි මහලු සිවලෙකුට දුන්නේය. ඔහු එහි මුත්‍රා කළේය. ස්වාමීනි, ඒ මා දුටු සය වැනි සිහිනයයි.” “මහරජතුමනි, මෙයද අනාගතයෙහිම සිදුවන්නකි. කුලවත්, ගුණවත්, දැහැමි, ජාති සම්පන්න, නායකයෝ තමන්ට ස්වාධීනව ජීවත්විය නොහැකිව, අධාර්මිෂ්ඨ, නුසුදුසු, පුද්ගලයන්ට බලය හා තනතුරු ලබා දෙති. ඔවුහු ඒ බලතල හා තනතුරු ලබාගෙන ඒ ඒ
08/17
නිලතලවල ගරුත්වය නැති කරති. මේ සිහිනයේ අර්ථය එයයි. එයින්ද ඔබ වහන්සේට වන අවැඩක් නැත.” “ස්වාමීනි, මේ මගේ සත් වෙනි සිහිනයයි.” “ස්වාමීනි එක්තරා පුරුෂයෙක් ලණුවක් අඹර අඹරා එය තමා සිටින පුටුව යටට දමන්නේය. එම පුටුව යටම සිටින සිවල් ධේනුවක් ඔහුට නොදැනෙන ලෙස ඒ ලණුව සම්පූර්ණයෙන්ම කා දමන්නේය.” “රජතුමනි මෙහි විපාකද අනාගතයෙහිම වන දෙයකි. අනාගතයෙහි ස්ත්‍රීහු අනාචාරයෙහි හැසිරීම් වැඩි වෙති. ඔවුහු ස්වාමියා ආයාසයෙන් හම්බ කර තැන්පත් කරන සියලු වස්තුව අනාචාරයෙහි හැසිරෙමින් විනාශ කරති. මේ සිහිනයේ අරුත එයයි. ඒ හැර ඔබවහන්සේට වන අවැඩක් එහි නොමැත.” “ඔබේ අටවැනි සිහිනය කුමක්ද රජතුමනි.?” “ස්වාමීනි, මාළිගාවෙහි දොරකඩ, හිස් කළ විශාල සංඛ්‍යාවක් හා එක් පිරුණු කළයක් තිබේ. සතර දෙසින් පැන් ගෙන එන සියලුම ජනතාව අර පිරුණු කළය පිරී ඉතිරී යද්දීත්, එහිම ජලය වත් කරති. හිස් කළවලට පැන් වත් නොකරති. මේ මගේ අටවැනි සිහිනයයි.”
09/17
“රජතුමනි මෙයද අනාගතයෙහිම සිදුවන්නකි. රටේ වැසියෝ හා මැති ඇමැති වරු සියලු දෙනාම දුක්පත්ව පීඩාවට පත් වෙති. එහෙත් ඔවුහු සියලු දෙනාම තම තමන් දුක් මහන්සියෙන් උපයා සපයා ගන්නා දෙය රාජ භාණ්ඩාගාරය පිරවීම සඳහාම භාවිතා කරති. දුකට පත්වූ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා භාවිතා නොකරති. මේ සිහිනයේ අරුත එයයි. ඒ හැර එයින් ඔබ වහන්සේට වන අවැඩක් නැත.” “ඔබේ නවවැනි සිහිනය කුමක්ද?,” “ස්වාමීනි පස් පියුමින් සැදුම්ලත් පොකුණක් දුටිමි. එයට හැම පැත්තෙන්ම බැසිය හැකිය. මිනිසුන් හා සතුන් එහි බැස පැන් බොති. ඇඟපත සුද්ධ පවිත්‍ර කර ගනිති. එය බොර වීමක් නැත. එහෙත් එය මධ්‍යය ගැඹුරුය. ජනයා එහි නොයති. නමුත් එහි ජලය බොරවී තිබේ. මේ සිහිනයේ අදහස කුමක්ද?” “මහරජතුමනි, මෙයද අනාගත දුෂ්ඨ පාලකයන් පිළිබඳ පුවතක්මය. අනාගතයේ දුෂ්ඨ පාලකයෝ පහළ වෙති. ඔවුහු නගරවාසීන් නොයෙක් බදුබරවලින් පීඩාවට පත් කරති. අසාධාරණ නීතිරීතිවලින් පීඩාවට පත් කරති. චන්ද, ද්වේශ, භය, මෝහ, යන සතර අගතියෙන් යුතුව මහජනතාව පීඩාවට පත් කරති. මේ පීඩාවන්ගෙන් මිදීම සඳහා ජනතාව නගරය අත් හැර ප්‍රත්‍යන්ත දේශයන්ට ගොස් සුවසේ, සමගියෙන්, හා සමාදානයෙන්
10/17
වාසය කරති. මේ සිහිනයෙන් පෙන්නුම් කරන්නේ එම කාරණයයි. කැළඹුණු ජල මධ්‍යය ලෙස පෙනුනේ පීඩිත ජනයා සිටි නගරයයි.” “ ඔබතුමා දුටු දසවන සිහිනයත් කියනු මැනවි.” “එකම සැලියෙක ඉදෙන්නාවු බත සමානසේ නොඉදෙනු දුටිමි. එක් කොටසක් අමු සහල්ව තිබිණි. තව කොටසක් තරමක් ඉදී තිබිණි. තව කොටසක් ඉදී බෙරිවී තිබිණි.” “රජතුමනි, මෙයද අනාගතයේ සිදුවන්නාවූ දෙයක පූර්ව නිමිත්තෙකි. අධර්මිෂ්ඨ පාලකයන් රාජ්‍යය විචාරන විට, ඔහුගේ මැති, ඇමැති, සෙනවිරත්, ගම් දෙටුහු පමණක් නොව ඔවුන්ගේ රාජ්‍ය සේවකයෝද අධාර්මික වෙති. අධිකරණයෙහිද නිවැරැදි විනිශ්චයන් නොලැබේ. මේ නිසා දෙවිවරුද අධර්මිෂ්ඨ වෙති. හමන සුළඟ පවා දූෂණයට ලක් වේ. එසේ දූෂ්‍ය වූ විට නිසි කලට නිසි ලෙස වැසි නොවසී. සමානව වැසි නොවසී. කෙත් වතු පාලුවී විනාශ වී යයි. නිසි ලෙස නොපැසේ. මේ සිහිනයේ පෙන්වන්නේ එම අනාගත ස්වභාවයයි.” “රජතුමනි, ඔබ වහන්සේ දුටු එකොළොස්වැනි සිහිනය ප්‍රකාශ කරනු මැනවි.” “ස්වාමීනි, ලක්ෂයක් පමණ වටිනා සඳුන් හරයක්, කුණුවූ මොර ටිකක් කෑම සඳහා විකුණනු දිටිමි. එහි තේරුම කුමක්ද.?”
11/17
වාසය කරති. මේ සිහිනයෙන් පෙන්නුම් කරන්නේ එම කාරණයයි. කැළඹුණු ජල මධ්‍යය ලෙස පෙනුනේ පීඩිත ජනයා සිටි නගරයයි.” “ ඔබතුමා දුටු දසවන සිහිනයත් කියනු මැනවි.” “එකම සැලියෙක ඉදෙන්නාවු බත සමානසේ නොඉදෙනු දුටිමි. එක් කොටසක් අමු සහල්ව තිබිණි. තව කොටසක් තරමක් ඉදී තිබිණි. තව කොටසක් ඉදී බෙරිවී තිබිණි.” “රජතුමනි, මෙයද අනාගතයේ සිදුවන්නාවූ දෙයක පූර්ව නිමිත්තෙකි. අධර්මිෂ්ඨ පාලකයන් රාජ්‍යය විචාරන විට, ඔහුගේ මැති, ඇමැති, සෙනවිරත්, ගම් දෙටුහු පමණක් නොව ඔවුන්ගේ රාජ්‍ය සේවකයෝද අධාර්මික වෙති. අධිකරණයෙහිද නිවැරැදි විනිශ්චයන් නොලැබේ. මේ නිසා දෙවිවරුද අධර්මිෂ්ඨ වෙති. හමන සුළඟ පවා දූෂණයට ලක් වේ. එසේ දූෂ්‍ය වූ විට නිසි කලට නිසි ලෙස වැසි නොවසී. සමානව වැසි නොවසී. කෙත් වතු පාලුවී විනාශ වී යයි. නිසි ලෙස නොපැසේ. මේ සිහිනයේ පෙන්වන්නේ එම අනාගත ස්වභාවයයි.” “රජතුමනි, ඔබ වහන්සේ දුටු එකොළොස්වැනි සිහිනය ප්‍රකාශ කරනු මැනවි.” “ස්වාමීනි, ලක්ෂයක් පමණ වටිනා සඳුන් හරයක්, කුණුවූ මොර ටිකක් කෑම සඳහා විකුණනු දිටිමි. එහි තේරුම කුමක්ද.?”
12/17
“රජතුමනි, එයද අනාගතයෙහ් සිදුවන දේ පිළිබඳව දැක්වූ පූර්ව විනිශ්චයකි.” “අනාගතයේදී සිවුපසයෙහි ලොල්වූ භික්ෂූන් වහන්සේලා බහුල වෙති. උන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්‍මය නොදෙසා, එහි මධුර පැත්ත පමණක් සිතා, මිහිරි ලෙස ගායනා කරති. ඒ ශබ්දරසයෙන් මත්වන, මිනිස්සු උනට සිවුපසය දෙති. මේ ලාභදායී බව සිතන ඔවුහු, නගරමධ්‍යයෙහි, වීදිමධ්‍යයෙහි, සතරමං සන්දියෙහි හා මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානයන්හි සිට ලාභ ලෝභ වෙනුවෙන්ම දේශණා පවත්වති. අමනෝඥ සැදැහැවතුන්ද එවැනි දෑ ඉහළින් අගය කරති. මෙය කුණුවූ මොර වෙනුවෙන් ලක්ෂයක් වටිනා සදුන් හරයක් විකුණන්නාක් වැනිය.” “එයද ඔබ වහන්සේට විනාශයක් වන දෙයක් නොව අනාගතයේ සසුනට වන විනාශයක් පිළිබද දැක්වූ පූර්‍ව දර්‍ශනයකි.” “රජතුමනි, දොළොස්වැනි සිහිනයත් පවසනු මැනවි.” “ස්වාමීනි, හිස්වූ වියලුණු ලබු ගෙඩි ජලයෙහි ගිලෙනු දුටු වෙමි.” “රජතුමනි මෙයද අනාගතයේ ලොව පිරිහීමේ ස්වභාවය ප්‍රකාශ කෙරෙන්නෙකි. අධර්මිෂ්ඨ රජවරු රජමාළිගාවෙහි කටයුතු වලට ඒ ඒ විෂය පිළිබද ප්‍රවීණයන් නොයොදා තමන්ට හිතවත් වූවෝ පත් කරති. උගත් ප්‍රවීණයෝ පෑගී නූගත්තු සමාජයෙහි කැපී පෙනෙති.
13/17
අධිකරණයෙහිද එසේමය. භික්ෂූන් වහන්සේලා අතරද විහාරයන්හී හා අනෙකුත් සම්භාවණීය තනතුරු සදහා නුසුදුස්සෝම පත් වෙති.” “ඔවුහු ධර්‍මය යටපත් කොට, අධර්‍මය ඉස්මතු කරති. නිවන් මාර්ගය වෙනුවට ලාභ ලෝභ වඩවන ලෞකික දේවල් ඉස්මතු වන ආකාරයෙන් ධර්‍මය දේශනා කරති. මෙය හිස්වූ ලබු කබල් දියෙහි ගිලෙන්නා හා සමාන දෙයකි.” “මෙයද මතු ලෝකයේ ඇති වෙන පිරිහීම ගැන කරන පූර්‍ව දර්‍ශනයක් මිස ඔබ වහන්සේට වන අවැඩක් පෙන්වන්නක් නොවේ.” “ස්වාමීනි මේ මා දුටු දහතුන්වන සිහිනයයි.” “එහිදී මහා ගල් කුළු ජලය මතුපිට නැව් විලස පාවෙනවා දුටුවෙමි. එහි අරුත කුමක්ද?” “රජතුමනි, මෙයද අනාගත දුර්‍වල අධාර්මිෂ්ඨ පාලකයන් නිසා සිදුවන දේ පිළිබද පූර්‍ව දර්ශනයකි. එකල්හි එබඳු දුෂ්ඨ පාලකයන් සුදුස්සන්ට සුදුසු තැන් නොදී නුසුදුස්සන්ට උසස් තනතුරු දීම නිසා ඔවුහු සමාජයේ සාඩම්බරයෙන් සැරි සරති. මෙය ගල් පර්වත දියමතුපිට පාවෙන්නාක් වැනිය.”
14/17
“එසේම භික්ෂූන් වහන්සේලා අතරත් නායකත්වයට පත්කර ගන්නේ ගුණ නුවණින් යුත් සිල්වත් මහ තෙරවරුන් නොව, පාලකයන්ගේ සිත් දිනාගත් ශ්‍රමණ සාරුප්‍යයෙන් වියුක්ත වූවෝ වෙති. රාජ තේජසද කරපින්නාගත් ඔවුහු සංඝ සමාජයෙහි නායකයන් සේ හැසිරෙති.” “මෙයද ඔබ වහන්සේගේ විනාශය විදහා දක්වන්නක් නොවේ.” “රජතුමනි, තුදුස්වන සිහිනයේ තොරතුරු දන්වනු මැනවි.” “ස්වාමීනි, මැඬියන් විසින්, විශාල සර්‍පයන් කැබැළි කැබැළි කර කන්නා දුටු වෙමි. එහි අරුත පවසනු මැනවි.” රජතුමනි, මෙම සිහිනයද ඔබ වහන්සේට හානියක් වන දර්‍ශනයක් නොවේ. අනාගත ලෝකයේ සිදුවන දෑ පෙන්වා ලූ එකකි.” “ ඒ කුමක්ද ස්වාමීනි.” “රජතුමනි. අනාගත ලෝකයෙහි පිරිහීම එක් පැත්තකට පමණක් සිදුවන්නක් නොවේ. එකල මිනිසුන් අධික රාගයෙන් මත්වී තමන්ගේ වයසට නොගැලපෙන ඉතා ලා බාල දැරියන් ආවාහ කර ගනිති. ඔවුනට නිවෙස් පරිපාලනය භාර දෙති. සියලුම පරිපාලන
15/17
කටයුතු තමන්ගේ අතට ගන්නා ඔවුහු සැමියන් නොතකා හරිති. යමක් විචාළ කල්හී ඒ පිළිබඳව දොස් කියා තමන්ගේ වචන නමැති අඩයටියෙන් පහරදී ඔවුන් යටපත් කරති. එහිදී ස්වාමි පුරුෂයෝ ඔවුන් ඉදිරියේ විළිවැද සැඟවෙති. කාන්තාවෝ තමන්ට රුචි පරිදි කටයුතු කරති. මෙය පිළිබඳවයි මේ සිහිනයෙන් දැක්වෙන්නේ.” “පසළොස්වැනි සිහිනය කුමක්ද රජතුමනි?.” “ස්වාමීනි, තැනින් තැන, අනුන්ගේ දේ සොරාකන, කුණු අවුස්සන, කපුටන් ස්වර්ණ හංසයන් විසින් පිරිවරණ ලදුව හැසිරෙනු දුටුවෙමි.” “රජතුමනි, මෙයද අනාගතයෙහි සිදුවන දෙයකි. නූගත්, රාජධර්මයන් පිළිබඳව නොදත් අය, අනාගතයෙහි පාලකයන් බවට පත් වෙති. ඔවුහු තමන්ට වඩා උගත්, බුද්ධිමත්, අය මැති ඇමැතිකම් හා රාජ්‍ය තනතුරු සඳහා පත්කර නොගනිති. ඒ සඳහා පත් කරනු ලබන්නේ තමන්ගේ අණසක පතුරුවාලිය හැකි දුර්වලයන් පිරිසකි. ඔවුහු තාන්න මාන්නයෙන් ඉදිමී කටයුතු කරති.” “උගත්, නිසි සුදුසුකම් ලත් අය, ජීවත් විය යුතු නිසා, ඔවුන් යටතේ සේවය කරමින් හැසිරෙති. මේ කාරණයයි, මේ සිහිනයෙන් පෙන්වා ඇත්තේ. එයින්ද ඔබ වහන්සේට බියක් වන්නේ නැත.” “අවසාන සිහිනයද පවසන්න රජතුමනි.”
16/17
“ස්වාමීනි, සාමාන්‍ය ස්වරූපය වන්නේ දිවියන් මුවන් පසුපස පන්නා අල්ලාගෙන අනුභව කිරීමයි. එහෙත් මා සිහිනයෙන් දුටුවේ, මුවන් ව්‍යාඝ්‍රයන් පසුපස පන්නා, ඔවුන් අල්ලාගෙන මරා මස් අනුභව කිරීමයි. මුවන් දකිනවිටම ව්‍යාඝ්‍රයෝ දිවගොස් සැඟවෙති. මෙහි තේරුමද පවසනු මැනවි.” “රජතුමනි, මෙයද අනාගතයේ පහළවන අධර්මිෂ්ඨ පාලකයෝ නිසාම සිදුවන විපරියාසයන්ය. දැණුමෙන්, පලපුරුද්දෙන්, ප්‍රභුත්වයෙන්, හීනයන්, තමන්ගේ උසස් තනතුරුවලට පත් කර ගැනීමට රජවරු පෙළඹෙති. එවිට ඔවුහු සම්පත් ඇති අයගේ වස්තුව හා ඉඩකඩම්, බියගන්වා ඔවුන් ලවාම තමන් සන්තක කර ගනිති. ඔවුන් උගත් දෑ අවඥාවට ලක් කරති” “පාපී භික්ෂූන් වහන්සේලාද එසේම කරති. සිල්වත් භික්ෂූන් වහන්සේලා එවිට ගණවාසයෙන් ඉවත්ව, වනගතව ජීවත් වෙති. මෙය එළුවන්ට බියේ දිවයන, වනගතවන, ව්‍යාඝ්‍රයන් හා සමානය. මේ සිහිනයේ අදහස එයයි. ඒ හැර ඔබ වහන්සේට වන අවැඩක් ඉන් පෙන්නුම් නොකෙරේ.” රජතුමා මේ පැහැදිළි කිරීම්වලින් මහත් සතුටට පත්විය. බුදුරජාණන් වහන්සේට ස්තුති කොට, නැවත මාළිගාවට විත්, යාගය සඳහා බැඳ සිටි සියලුම සත්වයන් නිදහස් කළේය. කලින් කලට පහළවන අදමිටු පාලකයන්ගේ සමයන්හිදී මේ සිහින එකක්, දෙකක්, හෝ වැඩි ප්‍රමාණයක්, ක්‍රියාත්මක වන අයුරු
17/17
පෙනේ. වර්තමානය ගැනද සමහරු එවැනි ප්‍රකාශ කරති. ඒ ඔවුන්ගේ දැක්ම අනුවය. (මෙය පන්සිය පනස් ජාතක පොතේ, 77 වන, ‘මහා සුපින ජාතක’ කතාව ඇසුරින් සකස් කළෙමි.)
18/
වැඩිහිටියෝද අසරණ වෙති. ජීවිතාශාව නිසා, නොකළ යුතු වුවත් කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වූ දේ පරිභෝග කරති. එය හරියට එදවස උපන් වස්සන්ගෙන් වැස්සියන් කිරි බොන්නාක් මෙනි. රජතුමනි, මෙය ඔබ තුමාටවත්, රටටවත්, වර්තමානයේ ඇති වන විපතක් නොවේ.” “සිවුවැනි සිහිනයත් විචාරනු මැනවි.” “ස්වාමීනි, කරත්ත කරුවෝ හුරු පුරුදු ගවයන් කරත්තවල නොයොදා, නුපුහුණු ගවයන් කරත්තවල යොදති. එහිදී ඒ නුපුහුණු ගවයෝ අතර මගදී ගැල් ඇද ගත නොහැකිව පීඩාවට පත්වෙති. ගැල් අතරමග දමා යති. එයින් වෙළහෙළදාම් ආදී කටයුතු කර ගත නොහැකි වෙති. මෙය මාගේ සිවුවැනි සිහිනයයි.” “මහරජතුමනි, මෙයද අනාගතයේ සිදුවන දෙයක පූර්ව දර්ශනයකි. ඉන් ඔබ වහන්සේට විපතක් නොවේ.” “කුමක්ද ස්වාමීනි ඉන් කියවෙන්නේ.?” “අනාගතයේ අනුවණ පාලකයෝ දක්ෂ පළපුරුදු ඇමැතිවරු නිසි කාර්යයන්හි නොයොදා, අදක්ෂ, තමන් මනාප, අය ඒ ඒ කාර්‍යයන්හි යොදවති. ඔවුන්ගෙන් රටේ සංවර්ධනයක්වත්, යුක්තිය ඉෂ්ඨවීමක්වත් නොවේ. ආර්ථිකය හා ධර්මය වල් වදී. මේ සිහිනයේ අර්ථය එයයි.”
06/17