වැරදුණු කුරුමාණම. එක හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගෙන් කමටහන් අරගෙන භාවනා කරන්ට සුදුසු තැනක් හොයගෙන ගියා. යන අතරේ ගල් තලාවක් දැකල, එහි දවසක් නැවතිලා ළඟ ගමකට පිණ්ඩපාතේ වැඩියා. ගමේ වැඩිහිටි උපාසක අම්මා කෙනෙක් උන් වහන්සේ දැකල පැහැදිලා, වස් තුන් මාසෙ එහි නවතින ලෙසත්, සිවුපසයෙන් සංග්‍රහ කරන බවත් කීවා. ඒ අනුව උන් වහන්සේ එම ගල් තලාවේ එම කාලය ගත කරන්න තීරණය කළා. මේ ගල් තලාවට අරක්ගත් දෙවතාවියක් හිටියා. (රුවන් වැලිය ළඟ තෙළඹු ගහේ ස්වර්ණමාලි දෙව්දුව හිටියේ. ඒ වගේ.) තමන්ගේ වාසස්ථානයේ හාමුදුරුවන් නැවතීම ගැන ඇය සතුටු උනේ නැහැ. උන් වහන්සේගේ සීලය ගැන ඇය බැලුවා. එහි වරදක් හොයා ගන්න බැරි උනා. කුමක් හෝ වරදක් පටලවා උන්වහන්සේ එළවා දැමිය යුතු බව ඇය සිතුවා. ඇය අර උපාසිකාවගේ ගෙදරට ගියා. ඇගේ දරුවාගේ බෙල්ල අනිත් පැත්තට කැරකුවා. ඔහු අසනීප උනා. අම්මා තම දරුවා බේරා ගැනීමට වෙද මහත්තයෙක් හා බේත් හෙව්වා. යකැදුරන් සෙව්වා.
1/3
දේවතාවිය ඇය ඉදිරියෙහි පෙනී සිටියා. “වෙදුන් හෝ යකැදුරන් සෙවීමෙන් පලක් නැහැ. මේ දේ කළේ මම. ඔබගේ කුලුපග හාමුදුරුවන් ලවා වැල්මී කෑල්ලක් ගෙන්නගෙන ඒක තෙලෙන් බැදල, දරුවට නස්න කරන්න. එයා සුවපත් වේවි.” “මගේ පුතා මිය ගියත්, ස්වාමින් වහන්සේ ලවා බෙහෙත් ගෙන්වා ගන්නේ නැහැ.”. ඇය කීවා. “එසේ නම් ස්වාමින් වහන්සේ ලවා, පෙරුම්කායම් ටිකක් නාසයට දම්මවන්න.” ඇය කීවා. “ස්වාමින් වහන්සේ ලවා මම කිසිම බේතක් කරවන්නේ නැහැ. උන්වහන්සේ වෙද මහත්තයෙක් නෙවේ.” උපාසිකාව තරයේම කීවා. “එහෙම නම් තෙරුන් වහන්සේ ගේ පා ධෝවනය කරවල, ඒ පැන් ටිකක් උන් වහන්සේ ලවා මොහුගේ හිසට ඉසින්න.”යි කීවා. ඇය එය පිළිගෙන එසේ කළා. දරුවා සුවපත් උනා. දේවතාවිය ආපසු ගල් තලාවට ගියා. ස්වාමින් වහන්සේ පැමිණෙන විටම,
2/3
“මෙහි නොපැමිණෙව වෙද හාමුදුරුවනි.” යැයි කීවාය. “මම වෙදෙක් නොවෙමි.” “ඇයි නැත්තේ? තොප අද අර කාන්තාවගේ දරුවාගේ හිසෙහි දිය වත්කොට, ඔහු සුවපත් කළෙහිය. එය වෙදකමක් නොවන්නේද.?” තමන්ගේ සීලය ගැන හාමුදුරුවන්ට සෑහිමකට පත් විය හැකි උනා. මැය දොස් නගන්නේ වෙනත් කාරණයක් ගැනය. උන් වහන්සේ සිටි තැනම සිට තමන්ගේ සීලය පිළිබඳව නැවත නැවතත් බැලුවා. එහි කිසි වරදක් දැක්කේ නැහැ. පවිත්‍රතාවය මෙනෙහි කරද්දීම සියලු සත්‍යය අවබෝධ කර ගත හැකිඋනා. තමන්ගේ නිර්වාණාවබෝධය ශාක්ෂාත් කරගත් උන් වහන්සේ වස් තෙමස එහි ගතකොට බුදුරජාණන් වහන්සේ හමුවී තමන් අධිගමය ලබා ගත් ආකාරය කියා සිටියා. තමන්ට තමන් නිවැරදි බව පැහැදිලි නම් ඒය ඉතා වටී. යැයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා.
3/3