උපුලාදේවි ගල්ලෙන් විහාරය කිඹිස්ස. අපගේ පෞරාණික ශිෂ්ඨාචාරයන් පිළිබදව සාධක ශාක්ෂි සහිතව විදහා දැක්වූ ස්ථානයක් ලෙස ‘උපුලාදේවි පුරාණ විහාරස්ථාන භූමිය’ සඳහන් කළ හැකිය. මෙය ගල් ලෙන් සහිත කුඩා කඳුගැටයකි. එහි විවිධ ප්‍රමාණයේ ගල් ලෙන් 12 ක් වෙයි. ඒ සැම එකකම පාහේ කටාරම් කොටා තිබේ. ඉන් සනාථවන්නේ මේවායෙහි මිනිස් වාසයන් තිබූ බවය. ඒ වන විට යකඩ භාවිතා වී තිබුණු බවය. අප බොහෝවිට කතා කරන්නේ මිහිඳු හිමියන් ලංකාවට පැමිණි පසු ඇතිවූ සංස්කෘතිය ගැනය. ඊට පෙර ආදිමානවයන් ගැන අපි කතා නොකරමු. එක් අතකින් අපි ඒ ආදි මානවයා නොසලකා හැර තිබේ. මෙම ප්‍රදේශය ‘පොතාන ආදිවාසීන්’ විසූ ප්‍රදේශයක් ලෙස පුරාවිද්‍යාඥයෝ හදුනාගෙන සිටිති. මේ භූමියෙහි කරන ලද කැණීම් වලින් ඔවුන්ගේ ඇට සැකිළි පවා හමුවී තිබේ. මෙහි තිබී සොයාගත් මිනිස් ඇට සැකිල්ලක් අඩි හතකට වඩා උසය. පොතාන ආදිවාසීන් ජීවත් වූයේ මීට වසර 6000 කට පමණ එහායින් මධ්‍යතන ශිලා යුගයට අයත් බව පුරාවිද්‍යාඥයින් තහවුරු කරගෙන තිබේ. මේ ප්‍රදේශයෙහි කරන ලද කැණීම් වලදී සත්ව අවශේෂ 40520 ක් පමණ සොයාගෙන තිබේ. (මේ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කරන්නෙකුට අන්තර්ජාලයේ Archaeologylk. පිවිස තොරතුරු ලබා ගත හැකිය. ) එදවස විසු මානවයාගේ හා සත්වයන්ගේ සිරුරු හා ආහාර දාමයන් පිළිබදව ගවේශණය කිරීමට ඒවා මහෝපකාරී විය. එහිදී හමුවූ මිනිස් ඇට සැකිල්ල ලංකාවේ උසම මිනිස් ඇට සැකිල්ල ලෙස විශ්වාස කෙරේ. ඉන් කොටසක් සීගිරිය කෞතුකාගාරයේද
1/3
තවත් කොටසක් කොළඹ ජාතික කෞතුකාගාරයේද තැන්පත් කර තිබේ. මෙහි විසූ ආදිමානවයන් විවිධ සතුන් දඩයම් කර ආහාරයට ගත් අතර, ගොලු බෙල්ලන් ආහාරයට ගත් බවද කියනු ලැබේ. එවැනි ගොලු බෙල්ලන්ගේ කටු බොහෝමයක් හමු වී තිබේ. ‘බෙල්ලන්නේ ඔය’ යන නම පවා ලැබී ඇත්තේද ඒ නිසායැයි පවසති. ජනප්‍රවාද තහවුරු වන්නේ අඩුවෙනි. එහෙත් මේ ප්‍රදේශයේ පවත්නා සමහර ජනප්‍රවාද පුරාවිද්‍යා කැණිම් වලින්ද තහවුරු වී තිබේ. මිහිදු මාහිමියන් ලක්දිවට පැමිණීමෙන් පසුව මෙහි භික්ෂූන් වහන්සේලා වාසය කර තිබේ. මෙහි බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා ඇති ශෙල් ලිපියකින් ඒ බව තහවුරුවේ. සීගිරි කාශ්‍යප රජතුමාට උදුලා දේවි නමින් නැගෙණියක් සිටි බවත්, ඇය මේ ස්ථානයෙහි විසූ බවත්, සමහර ජනප්‍රවාදයක එන අතර, තවත් ජනප්‍රවාදයක එන්නේ උදුලාදේවිය මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වා උන් වහන්සේලා වෙනුවෙන් කටාරම් කොටවා ගල් ලෙන් පූජා කළ බවත්ය. පසු කාලයේදී ‘උදුලා’ යන්න ‘උපුලා’ යනුවෙන් වෙනස් වී ‘උපුලා දේවි විහාරය’ ලෙස භාවිතා වූ බවද කියවේ. වර්තමානයේ මෙහි වැඩ වාසය කරන්නේ වනවාසී භික්ෂූන් වහන්සේලාය. උන් වහන්සේලා ගණවාසිව නොවසති. එමනිසා වෙන වෙනම කුටි තිබේ. පුරාණයේදී විවෘත ගල් ලෙන් තිබුණත් පසු කාලයේදී ඉදිරියෙන් ආවරණ බිත්ති සකස් කර තිබේ. සමහර ලෙන් තවම විවෘතය. සක්මන් මලු තිබීමෙන්ද අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව තහවුරු වෙයි. සිමෙන්ති දමා ඔප මට්ටම් කරන ලද තරමක් විශාල ගල් ලෙණක දුම් වැදී කලුව ගිය තැන් දක්නට ලැබේ. භික්ෂූන් වහන්සේලා තම කුටිය තුළ එවන් දෑ නොකරති. එම නිසා පසු කාලයේදී, හේන්
2/3
ගොවිතැන් හෝ වෙනත් කාර්යයන් සදහා තාවකාලිකව පදිංචි වූවන් මෙවැනි දෑ කරන්නට ඇතැයි සිතිය හැකිය. මෑත කාලයේදී කරන ලද සමහර ප්‍රතිසංස්කරණයන් ස්ථානයට නවමු බවක් ගෙනදෙයි. එහෙත් මෙම ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවනසේ යම් යම් ඉදි කිරීම් කරන්නේ නම් මැනවැයි සිතමි. අරණ්‍ය වාසයකට උචිත නිදහස් භූමියක පිහිටා ඇති මෙහි, ග්‍රාමවාසී විහාරස්ථානයක දක්නට ලැබෙන සුව පහසුකම් දැකිය නොහැකිය. එහෙත් උන් වහන්සේලාගේ සිවුපස පරිභෝජනයට අවශ්‍ය පහසුකම් සකස් වී තිබේ. විශාල දායක පිරිසක් නැතත් අවට දායකයන්ගේ උපකාර මෙන්ම සමහර දුර බැහැර දායක මහතුන්ද භාරගත් වාර්ෂික දානමානාදී පින්කම් කරති. මෙවන් ස්ථාන ගැන බලවතුන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.
3/3