එදා ඇහුණු කුරහන් කවි දැන් ඇහෙන්නේ නැහැ එදා ඇහුණු උරුහන් හඬ දැන් ඇහෙන්නෙ නැහැ එදා ඇහුණු නෙලුම් කවිය අද ඇහෙන්නෙ නැහැ අනේ මගේ ගමට උනේ මොකද දන්නෙ නැහැ එදා රැහැයියන් නැගු හඬ සවන වැකෙන් නැහැ එදා පියා සැලූ විහඟු ගුවන් ගැබෙහි නැහැ එදා තිබුණු සබැඳියාව ගැමියන් තුළ නැහැ අනේ මගේ ගමට උනේ මොකද දන්නෙ නැහැ ගමේ කමතෙ එදා වගේ සැණකෙළි සිරි නැහැ ඇළේ දොළේ නාන ළියන් එහි එන්නේ නැහැ රටා පැදුරු වියපු දෑත් දැන් පෙනෙන්න නැහැ අනේ මගේ ගමට උනේ මොකද දන්නෙ නැහැ අම්බරුවන් මැඬවූ බැත ට්‍රැක්ටරයට යට වෙලාය නගුලට විය ගහට ඉසුඹු ලන්නට අද සිදු වෙලාය දිය ගඟුලෙන් නැගුණු මිහිරි හඬ වියලී මැලවෙලාය බැදුණු මහා වේලි තුළින් රට සංවර්ධන වෙලාය

1/1

- ආනන්ද මාරසිංහ -